නීති එන තෙක් නොසිට වගකීම්-යුතුකම් ඉටුකරමු
නිරෝධායන නීති කඩ කරන පිරිස්වලට දැඩි දඬුවම් පැමිණවිය හැකි වන පරිදි නව නීතිරීති ඇතුළත් ගැසට් පත්‍රයක් අද හෙටම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමැතිනිය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඒ අනුව රෝගය බලපවත්වන ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිශ්චය කරන බල ප්‍රදේශයක සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගැනීමට තිබූ අවහිර, බාධක ඉවත්වනු ඇත.