පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුව කිසිදු නියෝගයක් කර නැතැයි ද ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකු මෙම පරීක්ෂණවලට අතපෙවීම් කරන්නේ නැතැයි ද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (14) පැවැසීය.
කුරුණෑගල බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ බව කීය.
එහිදි අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය.
‘‘අද මම ප්‍රවෘත්තියක් දැක්කා දේශපාලනික වශයෙන් පළිගැනීම් කරන්න රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග කරලා කියලා. එහෙම කිසිම නියෝගයක් අපේ ආණ්ඩුව දීලා නැහැ. අපේ ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් මේ පරීක්ෂණවලට අතදාන්නෙ නෑ. නඩුකාරවරුන්ට පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න ඒ නිලධාරීන්ට බලපෑම් කරලා කැලෑ නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව. ඒක තමයි ඇත්ත .
රිෂාඩ් බදියුදීන් මහත්තයා ඔබ කවුරුත් දන්නවා ඡන්ද කාලයේ බස් වලට රුපියල් ලක්ෂ අනූ පහක් ගෙවලා තමන්ට අවශ්‍ය ඡන්ද ටික දාගන්න බලපෑම් කරපු නිසා තමයි ම අත්අඩංගුවට ගන්න දාල තියෙන්නෙ. ජනතාව බැන්නා අපේ ආණ්ඩුවට ඇයි මේවට නීතිය ක්‍රියාත්මක කළේ නැත්තෙ කියලා ගහැබැයි හරියටම නීතියට ඊට ඉඩ දීලා බලපෑම් නොකර තමයි අපි මේ තීන්දුව අරන් තියෙන්නේ .
ඊළඟට රිෂාඩ් බදියුදීන් මහත්තයාගේ සහෝදරයා ඔහුව සම්පූර්ණයෙන්ම නිදහස් කළා. ඒ ගැන වහාම හොයන්න අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ පරීක්ෂණය ගැන අපිට අවිශ්වාසයක් තිබෙනවා. ඒ නිසා මේ ගැන හොයල බලන්න කියලා. දැන් ඒ ගැන හොයල බලනවා. ඒව ගැන හොයන්න ඕනා. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා නීතියෙන් පරිබාහිරව යම් යම් අය තීන්දු ගන්නවා නම් , නීතිය තියෙද්දි නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතුව නිදහස් කරනවා නම් ඒක වැරැද්දක්.
ඒ වැරැද්ද කරන්නේ රටේ ජනතාවට . ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ස්ථානවල නිලධාරීන් දැනගන්න ඕන මේ ගැන නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ගමට නඩු දැම්මේ ජනතාවට කන්න දුන්න කියල. මාව උදේ නමයට එෆ්.සී.අයි.ඩී.යට ගෙනියලා දවල් 2 වෙනකන් ඉඳලා මට කිව්වා ගෙදර යන්න පුළුවන් ඔබතුමාට, ගිහිල්ලා දවල් කෑම කන්න පුළුවන් කියලා . මේක අවසන් කරනවා කියලා . හරියටම දෙකට ඒ නිලධාරියට කෝල් එකක් ඇවිල්ල කිව්වා දැන් නියෝගයක් ආව ඔබතුමා උසාවියට ඉදිරිපත් කරන්න කියලා . ඒ නිසා කෑම ටික මෙහෙට ගෙනල්ලා කන්න කියලා. මම කිව්වා කෑම ප්‍රශ්නයක් නෑ මම උසාවියට ඉදිරිපත් කරන්න කියලා . එහෙමයි එදා නීතිය ක්‍රියාත්මක වුණේ. මට නඩු එකොළහක් දැම්මා.
තව නඩු හතරක් තියෙනවා.මාව දවස් 76 ක් හිරගෙදරට දැම්මා . අන්තිමට ඒ හැම එකෙන්ම මම නිදහස් වුණා .එතකොට මට වෙච්ච අපහසය. මට ඇතිවෙච්ච පීඩනය. ඒවට කවුද උත්තර දෙන්නේ.ඒවා ඔක්කොම මේ පහුගිය රජයට අමතක උනා.
සදාකල් බලය ඉන්න පුළුවන් කියලා හිතාගෙන නීතිය අතට අරගෙන එදා ක්‍රියාත්මක වුනා.දැන් වැඩ බලන පොලිස්පති තුමා, එතුමා ඒ වැඩ රාජකාරි හොදට කරගෙන යනවා . එතුමා පෙරහර වලට ගිහිල්ලා නටන්නේ නැහැ. එතුමා රැස්වීම්වල පැත්තට ගිහිල්ල ඉඳගෙන ටෙලිපෝන් කරලා කියන්නේ නැහැ නීතිය නමන්න පුළුවන් කියලා ගඑහෙම තිබුණ යුගයේ අපිට තාම මතකයි ගරාජ්‍ය නිලධාරීන් කීදෙනෙක් එෆ්.සී.අයි.ඩී. ගෙනිච්චාද.
ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත් වැනි මේ රටට වැඩ කරපු නිලධාරින් ගෙනිච්චා. රාජ්‍ය නිලධාරීන් දැන් ජනතාව වෙනුවෙන් අත්සනක් ගහන්න පෑන උස්සන්නෙත් බයෙන් . ඒ යුගය තමයි යහපාලන ආණ්ඩුව නිර්මාණය කලේ යහපාලන බෝඩ් එක ගහගෙන වහපාලනය උදා කළේ. රාජ්‍ය නිලධාරීන්ට මීට පෙර කිසිම ආණ්ඩුවකින් විදියට තර්ජනය කළේ නෑ ග රාජ්‍ය නිලධාරීන් සිටින්නේ ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නග ජනතාවට උපරිම සේවය ලබා දෙන්න. කිසිම දිනක රාජ්‍ය නිලධාරීන්ට කරදර කරන්න හොද නැහැ’’.
වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන මගින් බමුණුකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ළගා කර දීම සදහා රුපියල් මිලියන 22.7 ක් වැය කර බමුණුකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ඉදි කර ඇත.
පශු සම්පත් , ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ මාතෘභූමිය විනාශ කළේ 1949න් පස්සේ ආපු එකී මෙකී නොකී බලලෝභී, පවුල්වාදී දේශපාලකයෝ මිස වෙන කවුරුවත් නොවේ.
එතකොට අර පුරාවස්තු ඩෝසර්කරපු අය ගැන මොකද කියන්නේ..?
ඔව්, අපි දැක්කා කුරුණෑගල පුරාවස්තු විනාශ කරපු වෙලාවේ ඔබලාගේ නීතිය ක්‍රියාත්මක වූ විදිහ.. නුඹලා කොහොමටත් ඒ මනුස්සයාට ඇහැ ගහගෙන හිටියේ කොහෙන්ද හිර කරන්නේ කියලා..
අවුලක්ම නෑ සර්. අන්න මිනිහා අතුරුදහන් වෙලා. දැන් හරියටම පිටපතේ විදියට ඉතුරු ටික ඔයාලා රඟපාන්න. අර කමල් ගුණේට බැරිවෙයිද රිෂාඩ්ව හොයා ගන්න. එහෙම බැරි වුණොත් තමයි වස ලැජ්ජාව. අපිට නම් කොරෝනා එක්ක දඟලන්න තියෙනවා. ඔයාලා රිෂාඩ් කෝලම නටන්න.
නමුත් කුරුණෑගල නගරාධිපතිට නම් නීතිය හොඳට වෙට්ටු දාගෙන ගියානේ.
නෑ නෑ ඇමැතිතුමනි, අපියි නියෝග කලේ...
නියෝග කළත් කියයි ‘‘අපි තමයි නියෝග කළේ‘‘ කියලා. අනේ මගේ කට..
නිර්දෝෂී මිනිසෙක්ද?
ඒකටවත් පන නැද්ද?
ඇත්තමයි මට ඇඩුනා ඇමතිතුමාගේ කතාව කියෙව්වම, එතුමා කොපමණ අහින්සකයෙක්ද, එතුමාට යහපාලකයන් කොයිතරම් පීඩා කර තිබේද කියල, එතුමාට මේ සිදු වුන හානි වලට කෝටි 100ක් වත් වන්දි ගෙවිය යුතුයි.
එහෙම නියෝග දුන්නේ දේශපාලකයෝ.. මේ ආණ්ඩුව එහෙම නියෝග දෙනවා නම් අර ගොයියා සාක්කි නැහැ කියලා නිදහස් වෙන්නේ නැහැනේ.
අත්අඩංගුවට ගන්න කියලා නෙවෙයි, නොගන්න කියලනේ නියෝග දෙන්නේ... කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩප සිද්ධියේදී නගරාධිපතිව අත්අඩංගුවට නොගන්න කියලනේ බලපෑම් කළේ...
ඔයාලව පත් කරපු අපි තමයි මෝඩයෝ.
ඕන වෙලාවට තලගොයා කරගෙන දැන් කබරගොයෙක් කියලා අපිට පෙන්නන්න හදනවා.
පාර්ලිමේන්තු යවපු අයටයි ගහන්න ඕන.
ඔව්, ආණ්ඩුව කිව්වේ නැහැ තමයි ස්වාධීන ආයතනයක් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා පොලීසියට නොගිය කාලේ.., ඔයාලා 20 හදාගන්න ඕන බයිලාවක් ගහන්න... නීතිය ක්‍රියාත්මක වෙයි.
ඔය නාටක වැඩිකල් රඟන්න වෙන්නේ නැහැ මහත්තයෝ..
ලෙඩේ හැදිලා බලේ තියෙනකොට මොලේ නැහැ මොලේ තියෙනකොට බලේ නැහැ
කතාව ඇත්ත, එහෙම කළා නම් 20ට ඡන්දෙ හබක්...