
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සිටින ස්ථානයක් සොයාගත නොහැකි වූ බැවින් ඔහුගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාඩ් බදුර්දීන් මහතාට සැඟවී යාමට ආධාර උපකාර කිරීම හේතුවෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
“මේ ඉන්නේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙක්. මන්ත්‍රීවරයා ඉන්න තැන මෙයා නොදැන ඉන්නේ කොහොමද ?“ යන පදනම මත ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. රිෂාඩ් බදුර්දීන් මහතා භාවිතා කළ වාහන දෙකක් සහ ආයුධ දෙකක් ද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.
මේ අතර රිෂාඩ් බදුර්දීන් මහතාගේ අමාත්‍යංශයක ගණකාධිකාරීවරයකු වන අලගරත්නම් මනෝරන්ජන් මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අලගරත්නම් මනෝරන්ජන් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපනේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සමගින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ තිදෙනා අතර මනෝරන්ජන් මහතා ද සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් හයක් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සොයමින් සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබේ.
මහජන මුදල් සාපරාධී ලෙසත් අයථා ලෙසත් පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (13 වැනිදා) නියම කළේය.
2019 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අභ්‍යන්තර අවතැන්වූවන් පුත්තලම් සිට මන්නාරම දක්වා ලංගම බස් 222 කින් ප්‍රවාහනය කළ බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට චෝදනා එල්ල වී තිබේ. මැතිවරණ සමයේදී අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය භාරව සිටි රිෂාඩ් බදුර්දීන් මහතාගේ ගණකාධිකාරීවරයා ලෙස සේවය කළ බව වාර්තා වේ.
COMMENTS
ඔය ප්‍රවාහන කේස් එකට කුරුඳු පොලුකාරයාත් සම්බන්ධයිනේ... මෙයා ඇත්තේ එහේ...
මෙදාපාර බදූර්දීන්ගේ කනෙන්ම අල්ලලා හිරේ දානවා. රවීට වගේ හැංගි මුත්තන් සෙල්ලම් කරන්න දෙන්නේ නෑ.
රට බේරාගත් ගෝඨාභය ජනාධිපතිතුමාට ජයවේවා.. දැන් තමයි රටට හරි පාලකයෙක් ලැබුණේ. අපිත් ගොඩ. රටත් ගොඩ.
පොඩ්ඩක් බලන්න රාජපක්ෂ කෙනෙක්ගේ ගෙදර... අනිවාර්යයෙන් ඇති...
හා හා කලබල වෙන්න එපා... හිමීට කරගෙන යන්න තාම ඡන්දයක් ළඟ නෑනේ..
රජයේ අමාත්‍යාංශයකින් ලබාදුන්නු දෙපාර්තමේන්තුවක නිලධාරියා අත්අඩංගුවට ගැනීම සර් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන ආත්ම විශ්වාසයයි. මෙහෙම අයද පාස්කු ප්‍රහාරයේ වැරදිකාරයින් අල්ලන්න කියලා බලය ගත්තේ.. 69 ලක්ෂයට ජය වේවා!
එහෙමනම් ගෙදර උන්දැත් අත්අඩංගුවට ගන්න. යන තැනත් හාමිනේටත් කියන්න ඇතිනේ.
ආණ්ඩුව මේ අනාගෙන ගාගෙන තියෙන වෙලාවේ ජාතිවාදීන් පිනවලා ප්‍රශ්න ඔක්කොම අමතක කරලා, ඉතිරි ඉඩම් ටිකත් චීනාට විකුණන්න යන වෙලාවේ මේ මනුස්සයාව බයිට් එකට ගන්න හදන්නේ රජයේ මුදල් අවභාවිතා කළා කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ රජයේ මුදල් අවභාවිතා කරලා තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන් කොත් හදලා කටුගෙයක් හදපු නඩුවට මොකද වුනේ? ලැජ්ජයි...!! ඒ විතරක් නොවෙයි මේ පාර මානව හිමිකම් නඩු ගොඩකින් අපේ රට හිරවෙනවා බෙල්ලටම...
එතකොට මහා පරිමාණයෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරපු රාජපක්ෂලා අත්අඩංගුවට ගන්නේ කවද්ද?
මේ රටේ එදා මෙදා තුර සැමදාම කෙරෙන්නේ ප්‍රෝඩාව.. වෙන දියුණු රටවල වගේ නෙමෙයි. අත්අඩංගුවට ගන්නවා නම් අරගෙන ඕනෑ මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්න. ඉස්සෙල්ලාම කවුරු කවුරුත් විස්තරේ ප්‍රසිද්ධ කරලා මාධ්‍ය සංදර්ශන තියනවා. පස්සේ යනවා අල්ලන්න. අවශ්‍ය මිනිහා හැංගෙනවා. පස්සේ ඔය ඉන්න කාවහරි අල්ලන් එනවා. මාධ්‍ය වලත් ඉහළින් යනවා. හෙංචයියන් හා තවත් අය කයිය ගහනවා හිටියා නම් අද බේරෙන්නේ නැහැ. එයාව අනිවාර්යයෙන්ම අල්ලනවා කියා. අම්මේ, මෙහෙමත් නරි නාටක... මේ රටේ මේ ක්‍රියාවට වගකිවයුතු කිසිම කෙනෙකු මේ වැනි නිරවුල් දේ දැන සිට නැහැ. අනේ මෙහෙමත් උන්මත්තකයන් රැළක්. අපේම පව තමයි..
20ට ජනමත විචාරණයක් එනවද?
මහ රජාගේ ඇඳ යට බැලුවා නම් හරි..!!!
මේවා බොළඳ කතා පුතේ...
පුදුම පොලිසියක්නේ. කතාව විතරයි වැඩ නැහැ.
එකම දෙයයි කියන්න තියෙන්නේ. අර රංජන් රාමනායක කිව්ව කතාව ‘‘මල්ලි ඔය කවුරුවත් හොරු අල්ලන්නේ නැහැ. එයාලා යාලුවෝ‘‘ පොඩි මිනිහෙක් පොඩි වැරැද්දක් කළොත් බඩුම තමයි. නීතියක් නැති ශ්‍රී ලංකාවක්.. දුකයි.
ඕක පුදුම වෙන්ට දෙයක්ද? අපි ජාතියක් හැටියට හැමදාම කරේ කැලේ ඉන්න මුවා අල්වා ගන්නට බැරි වුණාම, ගෙදර තියෙන මුව හමට තඩි බාන එකනේ..
ඔය කියන පදනම රවීට සහ රාජිතට වලංගු වුණේ නැත්තේ ඇයි?
මෙදා පාර නම් නීතිපතිත් ගෙදර යයි වගේ..
ආරක්ෂක අංශවලින් මෙහෙම පළිගැනීම අනුමත කරන්න බෑ. කිව්වේ මොනවද දැන් මොකද කරන්නේ...? සිරිසේනට වඩා ජොකර් කෙනෙක් වෙනවා මෙහෙම ගියොත්..
හැංගිමුත්තෝ හැංගියෝ නොපෙනන තැනක හැංගියෝ...
මේ සද්දන්ත බදූර්දීන්ව හොයාගන්න බැරිනම් නොපෙනෙන කෝවිඩ් වයිරස් කොහේ හොයන්නද?
20ට වෝට් කරන්න අනිවාර්යයෙන්ම එනවා.. මම මොකද මල්ලිව නිදහස් කරගත්තේ 20 උගස් තියලා , දැන් එන්නේ මෙයා ආණ්ඩුවේ ඉහළම මහත්තයෙකුගේ ගෙදර... ඒක ශුවර්.. පොලිසිය පැත්ත පළාතේ යන්නේ නැහැ. යන්න බැහැ..
මේක නම් මිනිස්සු චූන් කරන්න කරන පොඩි හැංගිමුත්තං සෙල්ලමක්..
මේ ළඟදී එයාගේ කරට අතදාගෙන ගිය කෙනෙක් හිටියා. එයාගෙන් නම් හෝඩුවාවක් ගන්න පුළුවන් වේවි...!!!
ඔබ තුමා රටක් වටිනා පුද්ගලයෙක්. මේ රටේ මහා ජාතිය කියා ගන්නා රැලක් ඔබ තුමාව ඔවුන්ගේ බලය වෙනුවෙන් ඔබව පාවිච්චි කරනවා.
කොහොම හරි මාස 03කට වඩා හැංගිලා ඉන්න දෙමු පාර්ලිමේන්තු නොඑන විදිහට.. මේ අයගේ මන්ත්‍රීකම නැතිකරන්න ඕනේ.
නරි නාටක...
අච්චර ලොකු කාලෙක හැංගිලා හිටිය ප්‍රභාකරන් අල්ලාගන්න පුළුවන් වුනානම් මේ වගේ කෙනෙක් අල්ලාගන්න තියෙන අමාරුව මොකක්ද.?
රිෂාඩ් ගේ වැරදි ඇති. ඊටත් වඩා මෙතන තියෙන්නේ විරුද්ද පාක්ෂික දේශපාලන දඩයමක්.
සාමාන්‍ය ජනතාවට කරනවා වගේ කරන්න බැරිද.?
ඇයි ගෙදර බල්ලයි පූසයි දෙන්නවත් ගත්තේ නැත්තේ..?
වැරැදි කරලා නැතිනම් මොකට හැංගෙනවද? අහුවුණොත් බෝම්බ පෙන්නන්න අරන් යමු.
කවදද මේ නාට්‍ය ඉවරවෙන්නේ.?
කොරෝනා හැදුන මිනිහෙක්ගෙ හත් මුතු පරම්පරාවම, මාස ගානක ඉදන් සම්බන්දකම් පවත්වපු අය හැම කෙනෙක්ම හොයාගන්න පුලුවන්. පොලිස් කණ්ඩායම් 6ක් දාලත් මන්ත්‍රීකෙනෙක් හොයා ගන්න බෑ. මෙයා විතරක් නෙවෙයි, රවී, රාජිත, ජොන්ස්ටන්... මම හිතන්නෙ මෙයාලට ඉර්දි බලයක් තියෙනවා.
මෙහෙම බලන කොට පාස්කු ප්‍රහාරය දවසේත් මේ ආණ්ඩුව හිටියත් ඔච්චරයි. පස්සේ කියයි කණ්ඩායම් 12ක් විතර දැම්මා සහරාන්ව හොයාගන්න බැරිවුණා කියලා. රටේ මන්ත්‍රීවරයකු හොයාගන්න බැරි ආණ්ඩුව සහරාන්වම හොයයි කියලා තමයි බය...