(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පෙරියකාඩු යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 101 දෙනෙකු අද (14) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගනු ලැබීය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනර් ධම්මික ජයසිංහ මහතාගේ මහතාගේ පූර්ණ අධික්ෂණය හා උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් නිරෝධායනය ක්‍රියාවලිය සිදු කරන ලද අතර අද දින නිරෝධායනය වී නිවෙස් වෙතට රැගෙන යාම සිදු විය.
පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ජර්මනියේ සිට පැමිණි 101 දෙනෙකු මෙසේ නිරෝධායනය අවසන් වී කොළඹ, , ගම්පහ, ගාල්ල, නුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, වවුනියාව, රත්නපුර, කෑගල්ල වැනි ප්‍රදේශයන්හි පදිංචි පිරිසක් නිවෙස් වෙතට ගිය අතර නිරෝධායනය අවසන් වී ගිය පිරිස් යුද හමුදාව විසින් දිවා රාත්‍රී වෙහෙස වී තමන්ට සහන සැලසීම පිළිබඳව සමස්ථ යුද හමුදාවටම ස්තූතිය පුදකර සිටි අතරම නිරෝධායනය සඳහා යොමුකරන සියලුම දෙනා පැමිණ වහාම හොඳින් නිරෝධායනව වී රටේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසටද නිවේස වෙතට ගිය ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජර්මනියෙන් ආ 101 ක් නිරෝධායනය වී ගෙදර යති