(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කහපොල , සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69   දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම  අද (14)  නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලිසිය කියයි. 

එහි වැඩ වසන  හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ පිටව යාමෙන් අනතුරුව ඇයට කොවිඩ් ආසාදිත වයිරසය ශරීරගතවී ඇති බවට  වාර්තාවීමෙන් අනතුරුව  මෙම හිමිවරුන් පිරිස  සහ අනෙකුත් පිරිස  නිරෝධායනයට ලක් කළ බව පොලිසිය කියයි.