
(චන්ද්‍රසිරි ගුණසේකර සහ සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අසලදී අද (14) උදෑසන සිදුවූ බස් අනතුරකින් මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පැමිණෙමින් සිටි ශිෂ්‍යාවක් බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව කරන්දෙණිය පොලිසිය පවසයි.
මෙම අනතුරින් ශිෂාවගේ පාද දෙකටටම බරපතල හානි සිදුවී ඇති අතර එක් පාදයක් සිරුරෙන් ඉවත් කිරීමට සිදුවී තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යලයේ ඉගෙනුම ලබන කරන්දෙණිය මහඒදණ්ඩ දූරවත්ත පදිංචි 20 හැවිරිදි ශිෂ්‍යාවකි.
ඇය මෙවර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටින අතර ඇය නිවසේ සිට විද්‍යාලයේ විභාග ශාලාවට පාගමනින් පැමිණෙමින් සිටියදී ඇල්පිටිය දෙස සිට අම්බලන්ගොඩ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරට පත් ශිෂ්‍යාව කරන්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇල්පිටිය රෝහලට මාරුකර එවා ඇති අතර ඇල්පිටිය රෝහලේදී ඇය සැත්කමට භාජනය කරන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
බස් රථ අනතුර සිදු වීමෙන් පසු බස් රථයේ රියදුරු පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් අවාසනාවන්ත සිදුවීමක්ද? ඉතාම කණගාටු දායකයි. ඉක්මනින් සුවය ලැබේවා...!!!
ඉක්මන් සුව ලැබේවා...!
ඉතාමත්ම කණගාටුදායකයි. මෙම දැරිවියගේ දෙමව්පියන් විඳිනා දුක ජීවිත කාලයටම ඔවුන් පෙළනු ඇත. නොහික්මුණු රියදුරන් අප සමාජයෙන් කොන් කිරීමට අප එක්විය යුතු කාලය පැමිණ ඇත. නීති මගින් මෙය ඉටුවන බවක් නොපෙනේ. අපට අපගේ ආරක්ෂාව සඳහා පෙරමුණ ගත යුතුමයි. මෙයත් එක් අවාසනාවන්ත සිදුවීමක් ලෙස ඔබ මතකයෙන් ගිලිහී යන්නට ඉඩ නොදෙන්න. අප යමක් කළ යුතුමයි, හෙට නොව අදම... දැරිවියට ඉක්මන් සුවය පතමි.
මාසෙකට කෝටියක කප්පම් දෙනවා කියලා මොරදුන්න කෙනා දැන් කෝ?