
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තිරප්පනේ බීට්ටු වන නිලධාරියා රුපියල් 35,000 ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද (14) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු ජංගම ලී ඉරුම්හලක් ලියාපදිංචි කිරීමට බීට්ටු වන නිලධාරියාගේ සහතිකය ඉල්ලා ඇති අතර, එය නිකුත් කිරීමට සැකකරු මෙම මුදල ඉල්ලා එය ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව වීරසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd