(හර්ෂණ තුෂාර සිල්වා)
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවැසීය.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්, එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇතැයි ද හෙතෙම එහිදි කීය.
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (13) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමක තිබෙන නමුත් කොළඹ ජනගහනය, තදාසන්න ප්‍රදේශ, කෙටි ඉඩක විශාල පිරිසක් රැඳෙන ස්ථාන හා අවස්ථා වැඩිවීම සහ නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බව අමතක නොකළ යුතු බව ද වෛද්‍ය ජයරුවන් මහතා කීය.
කොළඹින් ආසාදිතයන් හමු වුවහොත් පැතිරීමේ අවදානම වැඩි යැයි ද වෛද්‍ය ජයරුවන් මහතා මෙහිදී කීවේය.
දැනට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන වැඩි වුවහොත් ඉදිරියේදී දුෂ්කර තත්ත්වයක් මතුවිය හැකි යැයි ද ඔහු තවදුරටත් කීය.
COMMENTS
ඡන්දෙට කලින් නම් ඇඳිරි නීතිය දමා වයිරසය සාර්ථක ලෙස පාලනය කරා. ඒත්, දැන් වැඩේ හරියට කෙරෙන බවක් පේන්නේ නැහැ. බ්‍රැන්ඩික්ස් පොකුර හමුවූ විගස පෙරසේ ක්ෂණික පියවරක් අනුගමනය නොකළේ මන්දැයි ගැටලුවකි. ගරු ඇමැතිණියගේ හා අනිත් සමහර දෙනාගේ සෞඛ්‍ය දැනීම ගැන අපට ඇත්තේ සැකයක්...
ඔව් ඔව්.. කොළඹට රිදුනම තමයි මේ රටේ පාලකයින්ට රිදෙන්නේ. අනිත් අයට මොනවා වුණත් කමක් නෑ.
දැන් කරන්න තියෙන්නේ හමුදාව යොදමින් බාධක දමමින් මිනිස්සුන්ට කරදර කිරීම නොව කොරෝනා සඳහා තිබෙන රෝහල් සහ නිරෝධායන පහසුකම් දෙතුන්ගුණයකින් වැඩි කරමින් සූදානම් වීමය. ඒකට ඔය චීන මිතුරන්ගෙන් උපකරණ සහ ආධාර ඉල්ලා ගන්න. හමුදාව දමාගෙන කොරෝනා මර්දනය කරන්න ගිහිල්ලා හමුදා බැරැක්ක තුළට කොරෝනා ගියොත් රෝගීන් සංඛ්‍යාව දහස් ගුණයකින් වැඩිවේවි..
කොරෝනා ලෝක ව්‍යවසනයක් බවට පත්කලේ චීනයයි. චීනය මෙහි වගකීම බාරගත යුතුයි. දැන් ඒ ගැන සද්දයක් වත් නෑ.
මාසයක් රට වහලා දැනට ඉන්න කට්ටියගෙන් රෝගය ව්‍යාප්ත වීම නැවැත්තුවොත් නරකද...? මොකද දිස්ත්‍රික්ක අතර එහා මෙහා යන එකෙන් රට වටේට මේක යන්න පුළුවන්.. මොකද අපේ මිනිස්සු මොනවා කිව්වත් සෞඛ්‍ය පුරුදු හරියට කරන්නේ නෑ. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් මෙහෙම ලොක් කරලා පාලනය කළා.
කල යුත්තේ අපට වැරදුන තැන් හඳුනාගෙන ඉදිරියට මුහුණ දීමයි.
වැරදුණු තැන බ්‍රැන්ඩික්ස් දරුණු ලෙස පවතින ඉන්දියාවේ ප්‍රදේශයකින් සේවකයින් ගෙන්වීම සහ ව්‍යාපාරික ප්‍රතිලාභ ගැන හිතන ලාංකික මුග්ධ පාලක කළමනාකරුවන් කිනම් හෝ මාර්ගයකින් මෙම සේවකයන් ගුවන් තොටින් මුදවාගෙන නිෂ්පාදනය වැඩිකර ගැනීමට යාම නිසා ආයතනයත්, රටත් විනාශ කරගෙන ඇත.
දැන් ලංකාවේ හැමතැනම කොරෝනා පොකුරු. අපි දැන් කොරෝනා වසංගතයට මුහුණ දෙමු.