මාන්කුලම්  පනිච්චම්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇතැයි  මාන්කුලම් පොලිසිය කියයි.  

මරණකාරිය අවුරුදු 68 ක් හා මරණකරු අවුරුදු 70 ක් වූ පනිච්චම්කුලම, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාන්කුලම් පොලිසිය  වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.