IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කටුනායක - සීදුව තවත් ආසාදිතයන් 57 ක්

(ටී.කේ.ජී.කපිල )              

කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිතයන් 57 දෙනෙකු අද (13) හඳුනා බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

ඒ අනුව කටුනායක සීදුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ මේ වනවිට, එනම් අද (13) සවස 5.00 වනවිට සමස්ත කොරෝනා ආසාදිතයන් 102 ක් වාර්තා වන බව සුරේෂ් කුමාර මහතා පැවසීය .

ඔවුන් අතරින් වැඩි පිරිසක් පළමු ආශ්‍රිතයන් සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා සදහන් කළේය .

මෙම ආසාදිතයන් පිරිස අනාවරණය කර ගැනීම සදහා පසුගිය දෙදින තුළ පී.සී.ආර්.පරීක්ෂණ 400 ක් පමණ සිදු කළ බව ද හෙතෙම පැවසීය .

මෙසේ අනාවරණය කර ගත් ආසාදිතයන් අයි.ඩී.එච්, මුල්ලේරියාව ,හෝමාගම , ඉරණවිල සහ ලග්ගල රෝහල් වෙත මේ වනවිට යොමු කරමින් පවතින බව ද සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද වනවිට කොරෝනා  ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 

මෙම ආසාදිත සේවකයන් අතුරින් 62 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන්නන් වන අතර ඉතිරි 12 දෙනා එම කලාපයෙන් පිටත පිහිටි කර්මාන්තශාලා වල සේවකයින් බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

එසේම ඊයේ රාත්‍රී කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් 34 දෙනෙකුගෙන් යුතු කොරෝනා ආසාදිතයන් පොකුරක් වාර්තා වූ බව එම කළාපයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉදුනිල් සමරතුංග මහතා පැවසීය .

මෙසේ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ආසාදිත වී ඇති සේවකයින් අතරින් සේවිකාවන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙතටත් , පිරිමි සේවකයින් ඉරණවිල රෝහල වෙතටත් නීරෝධායනය සදහා රැගෙන ගොස් ඇති බව ද ඉදුනිල් සමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය .



අදහස් (2)

කටුනායක - සීදුව තවත් ආසාදිතයන් 57 ක්

සමීර Tuesday, 13 October 2020 01:06 PM

අපෝ.. මේ බොරු... තාම සමාජේ නෑ. හමුදාපතිතුමා කිව්වනේ. මේවා බොරු. මේවා ඇත්ත නම් සර් පැනික් වෙනවනේ. තාම එහෙම වෙලත් නෑ. ඒකනේ නිදි නිමල් ලොක්කාව දාලා කමිටුවක් දාලා තියෙන්නේ...

:       1       11

SK Wednesday, 14 October 2020 04:55 AM

මෙච්චර දෙයක් වෙලත් බ්‍රැන්ඩික්ස් නිහඬයි. සල්ලිවලට ඔක්කොම යටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31656 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14104 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11104 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site