
(මංගල එදිරිසිංහ)
අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් කෙරෙන සෞඛ්‍ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් වෛද්‍යවරියගේ ඉල්ලීම මත ඔවුන් සේවයෙහි අනියුක්ත කරන බවද කළුබෝවිල මහතා කියයි.
අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ118 දෙනා කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණුව ලබමින් සිටි අය වෙති.
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50දෙනෙකු ද, කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා 47දෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා 21දෙනෙකු ද මෙලෙසින් සේවයේ පිහිටුවන බවද, ඔවුන් සියලු දෙනා හෙට (15) සිට අදාළ දිස්ත්‍රික්කවල කොරෝනා මර්දන කටයුතු සඳහා සිය උපරිම කාර්යක්ෂමතාවය යොදවමින් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට කිරීමට නියමිත බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS