
(විනීතා එම් ගමගේ)
පෝලන්තයේ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් රැකියාව තහවුරු කර ගැනීමෙන් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමෙන් අනතුරුව පමණක් රැකියා නියෝජිතායතනවලට මුදල් ගෙවන්නැයි කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇතැම් රැකියා නියෝජිතයින් එරට රැකියා ලබාදීමේ දී විශාල වශයෙන් මුදල් අය කරගන්නා බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පෝලන්තයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලැබී ඇති බැවින් ඒ සඳහා දැන්වීම් පළ කිරීමට කාර්යංශය අවසර දෙන නමුත් රැකියා ගිවිසුම නැතිව මුදල් අයකිරීමට අවස්ථාව ලබානොදෙන බව ද එම නිලධාරියා කිය.
එබැවින් කිසිදු අවස්ථාවක වීසා, රැකියා ගිවිසුම හා රැකියා බලපත්‍රය ලබාදෙන තෙක් ඒජන්සි ආයතනවලට මුදල් ලබා නොදෙන්නැයි ද එම නිලධාරියා ඉල්ලා සිටියේය.
පෝලන්තයේ රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යංශයේ පැය විසිහතර තොරතුරු මධ්‍යස්ථානයේ 0112879901, 0112879903, 0112118700 හා 0112880500 යන දුරකථන අංකයන් ඇමතීමෙන් ලබා ගන්නා ලෙස ද එම නිලධාරියා පෝලන්තයේ රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න එපා ගොඩක් හොඳ රටක් නෙමෙයි. මිනිස්සු ගොඩක් ජාතිවාදීන්... ඒ වගේම යුරෝපේ ටිකක් දුප්පත් රටක්... ගොඩක් මිනිස්සුන්ට ඉංග්‍රීසි බැහැ. යනවා නම් පරිස්සම් වෙන්න. ඒ අයත් එක්ක වැඩ කරන්න අමාරුයි. ජාතිවාදියෝ...
පෝලන්තය, රුමේනියාව වගේ රටවල් ගැන අපේ රටේ ඉහළින් හිතා හිටියට යුරෝපයේ තියෙන දුප්පත්ම රටවල්. වැඩකරන්න තියෙන්නේ කුකුලු ගොවිපලවල් වගේ තැන්වල. පඩිය රුපියල් 50000ක් වගේ. පැය 12-15 වැඩ කරන්න ඕනේ. එන්න, කන්න, බොන්න දෙන්නේ හරකුන්ට වගේ.. අවවාදය අනින්න පෙර සිතා බලන්න.
පෝලන්තයට යන්න පුලුවන් අනුමත ඒජන්සි මොනවාද ..නාම ලේඛය නය දාන්න..