IMG-LOGO

කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180ක්

 

දුප්පත් සහ පොහොසත් රටවලට සමානව ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමේ ක්‍රියාවලියට මේ වනවිට චීනය ඇතුළු රටවල් 180කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා එන්නතක් සොයාගත් පසු එය දුප්පත් සහ පොහොසත් රටවල් අතරේ සමානව බෙදාහැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සන්ධානයක් ස්ථාපිත කර ඇත.

ඊට මූල්‍ය සහාය දැක්වීමට මේ වනවිට රටවල් 180කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම සන්ධානය ගවි එන්නත් සන්ධානය යනුවෙන් හැඳින්වේ.

ඒ ක්‍රියාවලිය සිදුවන්නේ ‘කොවැක්ස්’ හරහා ය. ‘කොවැක්ස්’ වැඩසටහන යටතේ ඊට මූල්‍ය ආධාර සැපයෙන අතර ‘කොවැක්ස්’ මූල්‍ය පහසුකම යටතේ ය. කොවැක්ස් මූල්‍ය පහසුකම යටතේ ‘කොවිඩ්-19 එන්නත ’ සංවර්ධනය, බෙදාහැරීම යනාදිය සිදු වේ.

මේ ක්‍රියාවලියට එක්වන බව චීනය පසුගිය සතියේදී නිවේදනය කළේය. මේ අනුව ගවි එන්නත් සන්ධානයට සහ ‘කොවැක්ස්’ වැඩසටහනට සම්බන්ධ වී සිටින රටවල් ගණන 180 ඉක්මවා ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් මහත්මිය අද (12) සඳහන් කළාය.


රොයිටර්

055 



අදහස් (2)

කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180ක්

Demuni Uduwara Monday, 12 October 2020 05:21 PM

ප්‍රශංසනීය තීරණයක්...

:       0       0

banda Tuesday, 13 October 2020 07:17 AM

ලංකාවට හෙළ ඔසු තියෙන නිසා මේකට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 406 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site