IMG-LOGO

වැලිකන්ද රෝහල පිටස්තරයන්ගෙන් පිරීයයි

(ක.ග. කරුණාරත්න)

පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පිහිටුවා තිබෙන කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව අද (14) දිනය වන විට 121 ක්  බව සෞඛ්‍ය අංශ කියයි.

එම සංඛ්‍යාව වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි හැකි උපරිම ධාරිතාවය බවද වෛද්‍යවරු සඳහන් කළහ.

වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඇතුළු සියළුම සෞඛ්‍ය සේවාවන් සිදුකරනු ලබන්නේ පොලොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල මගිනි.

එසේ වුවද උපරිම ධාරිතාව තෙක් රෝගීන් පැමිණීම තුලින් එම සේවාවන් සැපයීමේ ගැටළු මතුවන බව වෛද්‍යවරු පවසති.

වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වැඩි පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලෙන් හමුවූ කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා සමීපතමයෝ වෙති.

ඔවුන්ගෙන්ද වැඩි දෙනා කාන්තාවන් බව කියති. ඒ අතර අවුරුදු 5,7,8,9,11,12 යන වයස් කාණ්ඩවල පසුවන දරුවන්ද සිටින බව පැවැසේ. ඉතිරි පිරිස විදේශගතව සිට මෙරටට පැමිණි කොරෝනා ආසාදිතයින් බවද සඳහන්ය.

මේ රෝගීන් කිසිවෙකුත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නොවන අතර පිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කලේය.



අදහස් (2)

වැලිකන්ද රෝහල පිටස්තරයන්ගෙන් පිරීයයි

සිසිර Thursday, 15 October 2020 01:41 AM

වැලිකන්ද රෝහල මේ කෝවිඩ් වසංගතය නිසාම ඒ රෝගීන් වෙනුවෙන් වෙන් කෙරුනේ පලවෙනි රැල්ල ආව වෙලාවේ. ඒ කියන්නේ මුලු රටේම කෝවිඩ් ආසාධිත රෝගීන් වෙනුවෙන්. ඉතින් දැන් අමුතුවෙන් දාන්න ඇයි පිටස්තරයින්ගෙන් කියලා. ඒ රෝගීන් පිටසක්වලින් ආව අය නෙමෙයි. එහෙම බැලුවොත් අයි.ඩී.එච්. එකේ ඉන්න ඒ පළාතේ අයත් නෙමෙයිනේ.

:       0       0

දිමුත් Thursday, 15 October 2020 04:22 AM

ඉතින් මොකද? හැමෝම ලංකාවේ මිනිස්සුනේ... තමන්ගේ පළාත්වල රෝහල්වල ඉඩ නැතුව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 132 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 405 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site