භාණ්ඩ දෙක තුනක මිල බැස්සීම අධික ජීවන වියදමට උත්තරයක්ද?
ජීවන වියදමේ බරෙන් මිරිකෙමින් සිටින ජනතාවට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින් රජය සැමන්, පරිප්පු, ලූනු සහ සීනි මිල අඩු කිරීමට පියවර ගත්තේය. කොවිඩ් 19 ව්‍යාප්තිය මගින් ඇති කරමින් තිබෙන පීඩනයත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාබහ හේතුවෙන් අවධානය යොමුවීම අඩුවීමත් නිසා රටේ සාමාන්‍ය ජනතාව අත්විඳිමින් සිටින ජීවන බර ගැටලුව ජනතාවගේම ගැටලුවක් පමණක් බවට පත්වන අවදානමක් තිබිණි.