
( ජයන්ත සමරකෝන් )
ඉංග්‍රීසි පාලන සමයේදී හා ඊට පසු කාලයේදී ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධාවනය වූ පෞරාණික වටිනාකමකින් යුත් මෝටර් රථ විදේශරටවලට අපනයන කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි මෝටර් රථ කාර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා අද ( 18) පැවසීය.
සී වයි , ඊ එන්, ඊ වයි, සී එල් මෙන්ම 13,14,15, කාණ්ඩයට අයත් පැරණි මොටර් රථ සඳහා විදේශයන්හි විශාල ඉල්ලුමක් පවතින බව ද ඒ මහතා කීය.
එම රථවාහන හිමිකරුවන්ගේ මේ පිළිබඳව ඉල්ලීම් ගණනාවක් ලැබී ඇතැයි ද,ඒ අනුව සළකා බලා මෙම පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
සී එන් වැනි ඉංග්‍රීසි අක්ෂර සහිත වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිංයාපදිංචි කර නොමැති බැවින් ඒවා නැවත ලියාපදිංචි කිරීමෙන් පසු ආනයනයට අවසර හිමිවන බව ද ඔහු කීවේය. මෙවැනි වාහන විශාල තොගයක් ශ්‍රී ලංකාවේ තිබෙන බව ද වසරක් පාසා ප්‍රදර්ශන පෙළපාලි සඳහා පමණක් අලංකාර ලෙස ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍ය රයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මෙයත් රටේ සම්පත් පරදේශීන්ට විකුණන්න පටන් අරන්.. කන්න ඕනෑ නම් කබරගොයත්, තලගොයා වෙන්නේ ඔන්න ඔහොම තමයි. බොරු පොරොන්දු දෙමින් මිනිස්සුන්ව කුලප්පු කරමින් මේ අවජාතකයින් බලයට එනවා. ඇවිල්ලා කරන තරම් කරන්නේ මඩිය තරකරගන්න වැඩ.
සීනි තවරලා දුන්නට, ගෙදර හැළි, වළං විකුණන් කන තත්වයට රට වැටිලා කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා.
පැරැණි වටිනාකමක් තිබේ නම් පිටරට යවන්න එපා.
ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුණේ... කාගේ හරි වාහනයක් විකුණන්න ඕනෑ වෙලා ඇති...
මට පෙනෙන විදිහට මෙයා තමයි කොන්ත්‍රාත් කාරයා හෙවත් ලෝකල් ඒජන්ට්, මේ බිස්නස් එකේ. ඔහොම ගිහිල්ලා.. සීගිරිය, රුවන්මැලිසෑය, දන්ත ධතුන්වහන්සේව වුණත් පිට රටවල ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා විකුණලා දමාවි. බයියන්ට ඕනකළේත් ඒ වගේ බයි කට්ටියක්නේ. හැබැයි අන්තිමට බයියන් ඉන්න බයියන්ගේ ඉඩම්වලට චීන්නු අයිතිවාසිකම් කියලා.. බයියන්ව ඉඩම්වලින් පැන්නපුවාම බයියන්ට තේරේවි සහෝදර සමාගමයි, චිනයි දුන්නු ලණුව ගිලලා දැන් වමාරන්න බැහැ කියලා...
නන්දා මාලනී මහත්මිය ගායනා කරපු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කරපු ජනප්‍රිය ගීතයක් මතක්වෙන්නේ මට විතරද ?
ලංකාව තුළ ධාවනය කරන්න පුළුවන් නම් හොඳයි. ලංකාවේ වාහන අලුත්වැඩියා කිරීමේ තාක්ෂණය දියුණුයි.
සුද්දෝ රට පාලන කාලේත් මේ වගේ ඇමතිලා ලංකාවේ සිටියා. එ්කනේ රටේ තිබුණු ඉතිහාසය සුද්දා අරගෙන යනකම් බලන් හිටියේ.. මෙයත් ඒවගේ තමයි. වටිනාකම් තිබෙන දේවල් සුද්දාට දීලා පසුකාලේ උසාවි යනවා. නැවත ඒවා ලංකාවට ගේන්න. දැන්නම් පේනවා රටේ ආර්ථිකය රිම් එකෙන් යනබව...
ව්‍යාපාරික අදහසක් විදිහට හොඳ දෙයක් වුනාට පරණ වාහන ලෝලියෙක් හැටියට මම මේ අදහසට විරුද්ධයි. මොකද මෙහෙන් පිට කරන්න පුළුවන් වුණාට ලංකාවට පරණ වාහන ආනයනය කරන්න බැහැ. එහෙම නම් මේ දෙයින් වෙන්නේ මේ රටේ තියෙන දුර්ලභ පුරාවස්තු හා සමාන වාහන මේ රටට සදහටම අහිමි වන එක, ඔය විදිහට මීට කලිනුත් මේ විදිහට වාහන ලංකාවෙන් පිට කෙරුණා..
මේ වගේ අය පාර්ලිමේන්තු යවලා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
ගෑණු රට යවලා හම්බ කරන් කනවා මදිවාට පරණ කාරුත් පටවන්න නීති හදලා.
පරණ වාහන රට යවන එක නොවේ.. අපට තිබෙන ප්‍රශ්නය.. ජනතාවට රස්තියාදු නොවී, පගා නොදී ඔය දෙපාර්තමේන්තුවෙන් වැඩකටයුතු කරගන්න පුළුවන් ක්‍රමයක් සකසන්න. කෝවිඩ් 19 නිසා 01.04.20 සිට 31.12.20 අතර කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසරකින් දිගුවන බවට ගැසට් නිවේදනයක් නිකුත් කරන්න.