
(සිතුම් චතුරංග)
නීති විරෝධීව ගෙන්වන ලද රුපියල් මිලියන 20 ක් වටිනා බටහිර ඖෂධ හා රූපලාවන්‍ය තොගයක් ලොරි රථයක සඟවා රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු මන්නාරම සිවපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට රැගෙනවිත් යාපනය ප්‍රදේශයේ ඖෂධහල් වෙත බෙදාහැරීම සඳහා මෙම ඖෂධ හා රූපලාවන්‍ය නිෂ්පාදන තොගය රැගෙන යමින් තිබූ බවද පොලිසිය පවසයි.
පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා නීතිවිරෝධීව ගෙන්වන ලද ඖෂධ තොගය අත්අඩංගුවටගෙන තිබේ.
විශාල ප්‍රමාණයේ පොලිතින් මලු හයක් තුළ මෙම ඖෂධ හා රූපලාවන්‍ය නිෂ්පාදන තොගය සඟවා තිබූ බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් මීට ඉහතදී ඉන්දියාවේ සිට මෙලෙස ඖෂධ ද්‍රව්‍ය රැගෙනවිත් යාපනය හා විවිධ ප්‍රදේශවල ඖෂධ අලෙවිසැල් වෙත බෙදාහැර ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සුදු වෙන්න කියලා විකුණන බොහෝමයක් පාකිස්තානයෙන් ගෙන්වන රසදිය සහ බ්ලීචින් තියෙන පිළිකා කාරක ක්‍රීම්... මේවා ලොකු නමගිය සැලූන් කරන දෙයක්..