
(ටී.කේ.ජී.කපිල )
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හෙට(19) සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි.
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් සේ යොදා ගෙන , සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ නිසා කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතු වී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
ඒ අනුව හෙට(19) දින සිට පෞද්ගලික රථවාහන වලින් පැමිණෙන සියලු සේවකයින් කර්මාන්තශාලාව විසින් ප්‍රවාහන පහසුකම් සළසා දෙන ලෙස කම්හල් හිමියන් පොලීසිය විසින් දැනුවත් කර තිබේ .
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින් අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සදහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද කම්හල් හිමියන් ද එම සේවකයින් වෙත දැනුම් දී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟලුම් කම්හල්වල සේවකයන් අතරේ කොරෝනා පැතිරෙනවා නම් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ඕවා වහලා දමන්න.
ලොක්කන්ගේ වැරැදිවලට දුප්පත් මිනිස්සු තමයි පළි අන්තිමට.. රෙස්පෙක්ට් සර්..!!!
මේවා කරන්න පුළුවන්ද එක දවසින්..? අනික මේ ක්‍රමය ප්‍රායෝගික නැති බව ඕන කෙනෙකුට තේරෙන්න ඕනෑ.
තවදුරත් මෙම අසරණ සේවකයින් අනතුරේ දැමීම නොකර, කර්මාන්ත සියල්ල මාසයකට වසාදමා, සියළුම සේවකයින් එම ආයතනවලම හෝ වෙනත් ස්ථානවල නිරෝධානය කිරීම කළ යුතුයි. එමඟින් රට පත්වෙමින් තිබෙන අනතුරෙන් බේරා ගැනීමට යම් පිටුවහලක් වනු ඇත.
දෙන සෑම පහසුකමකින්ම අයුතු ප්‍රයෝජන ගෙන නීතිගරුක අයත් අමාරුවේ හෙලන අයට අමතක නොවන දඬුවම් දෙන්න.