(ටී.කේ.ජී.කපිල )
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හෙට(19) සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි.
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් සේ යොදා ගෙන , සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ නිසා කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතු වී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
ඒ අනුව හෙට(19) දින සිට පෞද්ගලික රථවාහන වලින් පැමිණෙන සියලු සේවකයින් කර්මාන්තශාලාව විසින් ප්‍රවාහන පහසුකම් සළසා දෙන ලෙස කම්හල් හිමියන් පොලීසිය විසින් දැනුවත් කර තිබේ .
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින් අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සදහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද කම්හල් හිමියන් ද එම සේවකයින් වෙත දැනුම් දී තිබේ .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කටුනායක වෙළෙඳ කළාප සේවකයින්ට පෞද්ගලික රථවාහන තහනම්
de silva Sunday, 18 October 2020 09:37 AM
ඇඟලුම් කම්හල්වල සේවකයන් අතරේ කොරෝනා පැතිරෙනවා නම් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ඕවා වහලා දමන්න.
Nuwan Sunday, 18 October 2020 10:02 AM
ලොක්කන්ගේ වැරැදිවලට දුප්පත් මිනිස්සු තමයි පළි අන්තිමට.. රෙස්පෙක්ට් සර්..!!!
RanjithT Sunday, 18 October 2020 11:01 AM
මේවා කරන්න පුළුවන්ද එක දවසින්..? අනික මේ ක්‍රමය ප්‍රායෝගික නැති බව ඕන කෙනෙකුට තේරෙන්න ඕනෑ.
Ratne Sunday, 18 October 2020 01:22 PM
තවදුරත් මෙම අසරණ සේවකයින් අනතුරේ දැමීම නොකර, කර්මාන්ත සියල්ල මාසයකට වසාදමා, සියළුම සේවකයින් එම ආයතනවලම හෝ වෙනත් ස්ථානවල නිරෝධානය කිරීම කළ යුතුයි. එමඟින් රට පත්වෙමින් තිබෙන අනතුරෙන් බේරා ගැනීමට යම් පිටුවහලක් වනු ඇත.
Bamunuarachchi Sunday, 18 October 2020 01:30 PM
දෙන සෑම පහසුකමකින්ම අයුතු ප්‍රයෝජන ගෙන නීතිගරුක අයත් අමාරුවේ හෙලන අයට අමතක නොවන දඬුවම් දෙන්න.