
(ටෝනි කරුණානායක)
දිවුලපිටිය දිසා රෝහලේ සුළු සේවා පාලක කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව එම රෝහල අද( 18 ) සිට තාවකාලිකව වසා දමා ඇති බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි .
ඉකුත් 15 වෙනිදා දිවුලපිටිය දිසා රෝහලේ කාර්‍ය මණ්ඩලය පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරිමෙන් අනතුරුව සුළු සේවා පාලක කොවිඩි 19 ආසාධිතයෙකු බවට හදුනා ගෙන තිබේ .
ඉන් අනතුරුව එම ආසාධිතයා සමඟ සමීපව වැඩ කටයුතු කල හෙදියන් ඇතුළු රෝහල් කාර්‍ය මණ්ඩලයේ 14 දෙනෙකු අනුරාධපුරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට 18 වෙනිදා යොමු කළ බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය වැඩිදුරටත් සදහන් කලේය .
තවත් රෝහල් කාර්‍යමණ්ඩලයේ 10 දෙනෙකු පමණ ඔවුන් ගේ නිවාස තුළම
නිරෝධායනයට ලක් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd