කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 224 ට නගී
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින්ද, තවත් දෙදෙනෙකු මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.