
(හර්ෂණ තුෂාර සිල්වා)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට වැඩිපුර පැය 10 ක් වෙන් කිරීමට ආණ්ඩුව එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) පැවැසීය.
වාචික ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන පැයක කාලය ද විවාදයට යොදාගන්නා බව අමාත්‍යවරයා කීවේය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බදාදා (21) සහ බ්‍රහස්පතින්දා (22) විවාදයට ගන්නා බව ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (19) පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම කරුණු සඳහන් කළේය.
පාර්ලිමේන්තුව හෙට (20) රැස්වන බවත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහිදී දැනුම් දෙන බවත් පීරිස් මහතා කීවේය.
මෙම දින දෙකේම දිවා ආහාරය සඳහා වෙන් කර තිබෙන විවේක කාලය ද අහෝසි කිරීමට තීරණය කර ඇතැයි හෙතෙම කීය.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සාමාන්‍යයෙන් අවසන් වන්නේ පස්වරු 4.30ට නමුත් මෙම විවාදය වෙනුවෙන් එම දින දෙකේම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තවත් පැය 3කින් දීර්ඝ කිරීමට ද ආණ්ඩුව එකඟතාව පළ කර ඇතැයි හෙතෙම කීවේය.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් ඡන්ද විමසීම අනිද්දා පස්වරු 7.30ට පවත් වන බව ද හෙතෙම පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 සම්මත වෙනකම් මටනම් නින්ද යන්නේ නැහැ. අපි කොරෝනා සතේකට මායිම් කරන්නේ නැතිව රැස්වීම්වලට ගිහිල්ලා පෝලිමේ ඉඳලා ඡන්දෙ දුන්නේ ඕකටනේ. මේක පාස් වුණාම 69 ලක්ෂයේ අපිට කිරිබත් කවනවා.
අවුරුද්දම 20 ගැන විවාදයට ගත්තත් 20 අනුමත වෙනවා සත්තයි.