
( බන්ධුල ඉලේපෙරුම)
රජය මගින් කොවිඩ් 19 වැළැක්වීමේ අරමුණින් ගැසට් කර ඇති සෞඛ්‍ය නීති රීති රටටම අදාළ වුවද පාර්ලිමේන්තුවට අදාළ නැත්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයාගෙන් විමසීමක් කළේය.
“මේ නීති හදන තැන. එතනම නීති කඩ කරනවානම් වැඩක් නෑ. දැන් ඔබතුමාත් මාස්ක් එකක් දාලා නෑ. අපි කථාකරද්දී මාස්ක් දාන්න ඕනද නැද්ද?, මේ ගැන තීරණයක් දෙන්න” යනුවෙන් විපක්ෂ නායකවරයා විමසීය.
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට පිළීතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී සියලු දෙනාගේ එකඟත්වයෙන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කළ බවයි. එසේම පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිවරිය කියා සිටියේ ගැසට් නිවේදනය හරියට කියවන ලෙසයි. එහි පොදු ස්ථාන ලෙස සඳහන් වන අතර ඊට පාර්ලිමේන්තුව අයත් නොවන බවයි.
“මුුළු ලොවටම ඇසෙන්න ඇමතිතුමිය කියන්නේ පාර්ලිමේන්තුවට එක නීතියක් රටට එක නීතියක් බවයි” යනුවෙන් විපක්ෂ නායකවරයා එහිදී චෝදනා කළේය. මේ හේතුවෙන් සභාව උණුසුම් ස්වභාවයක් ගෙන ඇත.
මේ අතර තමන්ගේ ප්‍රශ්න කිරීමෙන් පසු කථානායකවරයාත් මුව ආවරණ පැළඳීම ගැන ස්තූතිවන්ත වන බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා සීට් බෙල්ට් නොදා මහජන පැජරෝ එකෙන් එනවා අපි දැකලා තියෙනවා...
ආණ්ඩු පක්ෂයේ ඉද්දී ඕක තේරෙන්නේ නෑ. විපක්ෂයට යන්නම ඕනෑ ඕවා තේරෙන්න...
මොනතරම් "කවට කතා" කිව්වත් අද නම් අපේ සජි මලයා කියල තියෙන දෙය නම් 500%ක් නිවැරදිය. අප එය ඉහළින්ම අගයන්නෙමු. එලෙසම මේ අපේ සජි මලය දැන් දශක කීයක් විතර ඔය දියවන්නාව පට්ටියේ ලැගලා හිටියද කියලා සජී මලයාම ගණන් හිලව් හදලා බලන්නකෝ... මේ අද සජි මලයාගේ කටින් පිටවුණු සත්‍ය තේරුම් ගන්න අවුරුදු කීයක් ගියාද කියලා..? පිළිතුර අපේ මේ අවංක සජි මලයම කිව්වොත් හොඳයි මේ එකඑක, කැස්වටුවෝ, ගොට්ටෝ, පක්කලියෝ පිළිතුරු දෙනවට වඩා... එතකොටවත් අපේ මේ සත්ගුණවත් සජි පුතාට තේරෙන්න ඕනේ අනේ මමත් කොච්චරකල් නීති කැඩුවද, බොරු කරාද, බොරු කිව්වද, හොරකම් කරාද ආදී වශයෙන්... කෙසේවෙතත් "රොකට් සයන්ස් න්‍යායන්" නොවන "ඉතාම සරල දෙයක් තේරුම් ගැනීමට දශක කීපයක් වැනි කෙටිම කෙටි කාලයක් තුළදීම තේරුම් ගැනුමට තරම් හසල බුද්ධියක් මෙන්ම ඥාණයක් තිබීම" පිළිබඳව ලක්වැසියන් වන අප මේ අපේ සජි මලයා ගැන ඇත්තේ පුදුමාකාර ආඩම්බරයකි. පට්ටියේ ඉන්න අනෙකුත් සියලුම අම්බරුවන්ටත් සජී මලයට පහළවුණු ඥාණය පහළ වේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.
කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ද ඔය කියන්නේ...?
නීතියටම වඩා කරනවා නම් උසනම් සෙකියුරිටි.., මිටි නම් කම්කරු.. කැලේ නීතිය එහෙමයිනේ.
මේ තරම් කාලයක් නොවැරදීම පාර්ලිමේන්තු විහිළු තහළු සැපයීම ගැන අපේ ස්තුතිය.
නැවත වතාවක් "ඔය දෙසිය ගාණම හැඳිගෑවිලා පලයන්" කියලා කියන්න පටන්ගන්න තව වැඩි කාලයක් යන එකක් නැහැ මහත්තයෝ. බොහෝ දෙනෙක් "ඔය මුඛවාඩම නැති එකමයි හොඳ" කියලත් කියාවි.
නීති සම්පාදකයන් ලැහැස්ති නැහැ ඔවුන්ගේ නීති අනුගමනය කරන්න.
ඇඟේ දුවන ලේ බින්දුවක් ගානේ තියෙන්නේ නීතිගරුක කම...
ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තුනම ත්‍රී ඉන් වන්.