
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස සයුරු පුර මහල් නිවාස සංකීර්ණය අසළ දී රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ මත්කුඩු ග්‍රෑම් 60 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 හා 33 අතර පසුවන්නෝ වෙති.

(ඡායාරුපය - එච්.එම්.ධර්මපාල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd