
(මුදිතා දයානන්ද)
“සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර මගේ ගණන් බැලීම අනුව 2019 අප්‍රේල් එකොළොස්වැනිදා වන විටත් 15,000ක පමණ පිරිසක් දැන ගෙන සිටියා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (19) පැවසීය.
රටේ තීන්දු තීරණ ගත යුත්තන් කිසිවෙක් එය දැන සිටියේ නැතැයි දැන් පවසන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
“තානාපති කාර්යාල පවා දැනගෙන සිටි ඒ කාරණය රටේ තීන්දු තීරණ ගත යුතු ප්‍රධානීන් පමණක් දැන සිටියේ නැතැයි කියනවා. ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරින් දැන සිටි කාරණාව මැතිඇමතිවරුන්ට නොකියා සිටියාද යන්න හිතාගත නොහැකි ” යැයිද ජයවර්ධන මහතා පැවසීය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශමිල් පෙරේරා මහතා විසින් ජයවර්ධන මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරිණි.
එහිදි විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරෙහි වැදගත් පල්ලි හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන්ව තිබියදී ඒ ගැන පල්ලිවලට දැනුවත් කිරිමට කටයුතු නොකළේ ඇයිද යන්න සම්බන්ධයෙන් නීතිඥ පෙරේරා කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
තමන්ට ලද තොරතුර පොලිස්පතිවරයාට යොමු කළ පසු ඔහු විසින් එය පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, බස්නාහි පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට, ප්‍රභූ ආරක්ෂක අංශයට, රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දැනුම් දුන්නේ නම් එම අංශ යටතේ සේවය කරන නිලධාරීන් සළකා බැලූ විට 15,000ක පමණ පිරිසක් දැන සිටින්නට ඇතැයි විශ්වාස කරන බව ජයවර්ධන මහතා පැවසීය. මීට අමතරව එදින තානාපති කාර්යාලවලින්ද තමන්ට අමතා මේ තොරතුර කුමක්දැයි විමසා සිටි බවද ඔහු පැවසීය.
“පොලිසියේ මෙපමණ පිරිසක් දැන සිටි තානාපති කාර්යාලත් දැනගෙන සිටි කාරණය අපේ රටේ තීන්දු තිරණ ගතයුත්තන් දැනගෙන සිටියේ නැහැ කියනවා. මං දන්නේ නැහැ ඒක කොයිතරම් දුරට ඇත්තද කියලා. අන්තිමට සියල්ලේ වැරදි කාරයා නිලන්ත” යැයිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජිත් ජයසුන්දර ඔයා වගකියන්න ඕනේ මේ සිදුවීමට...
බයිලා. මෙම පුද්ගලයින් වගකිවයුතු තනතුරු දැරීමට සුදුසුද? ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි..
ජනාධිපති සිරිසේන සහ එයාගේ පක්ෂයේ ආරක්ෂක කවුන්සිලයේ කුමන්ත්‍රණය කළේ මන්ත්‍රීලා...
ඔබතුමා නෙමෙයි කියන්නේ නැතිව ලිපිවලට අත්සන් කරන ජනාධිපති සිරිසේන ඇතුළු පිරිස තමයි.
ලෝකයා දනී. සිරිසේන නොදනී. මෙහෙම රටක් හා ආණ්ඩුවක්..
ඔක්කොම කරලා සිරා ගියා සිංගප්පූර්.. ඔයා හරි නිලන්ත. ඔයා කියන අයගේ සිරිසේනත් ඉන්නවා.
අරුම පුදුම වැඩේ එවක රටේ නායකයෝ කවුරුවත් මේක ගැන හාංකාවිසියක්වත් නොදැන සිටීමයි. ඒත් ඔවුන්ගේ ආරක්ෂක නිලධාරින් සියල්ල මේවා දැනගෙන සිටියලු. කට පරිස්සම් කරගෙන ඉන්න බැරි පුතෙක් කිව්වේ මේ සිද්ධිය පෙර දැනගත්තේ තාත්තාගෙන් බවයි. නමුත් එය ප්‍රබන්ධයක් වීමට බොහෝ ඉඩ ඇත. මෙම සිද්ධිවලට වගකිව යුත්තේ වෙනසක් බලාගෙන මෙවැන්නන් පත් කරගත් පාර්ශවයයි. දැන් ඔවුන්ට එම වෙනස ලැබී ඇත...
15000ක් පමණ දැනගෙන සිටියා කියන මෙම ආරංචිය එක මාධ්‍යෙව්දියෙකුට හරි, එක මාධ්‍ය ආයතනයකට හෝ දැනගන්නට ලැබුණා නම් මෙම ආරංචිය මුලු ලෝකෙටම දැනගන්න ලැබෙනවා.
ඒක තමයි අපි එදා ඉඳන්ම කිව්වේ අගරද ගුරුතුමා ප්රමුඛ රදගුරු මණ්ඩලේ සියලුම දෙනා මේ බව දැනගෙන හිටියා කියලා. හරීන් ප්‍රනාන්දුගේ තාත්තා දැඩි සත්කාර ඒකකයේ ඉඳගෙනත් මේක දැනගත්තේ පල්ලියෙන්නේ. ඔය ත්රස්තයන් ගැන හොයනවා වගේම මේ සෙට් එක මොකුත් නොදැන හිටියද කියන එකත් හොයන්න කොමිසම වැඩ කරන්න ඕනේ...
එහෙනම් අපිට කියන්න තියෙන්නේ මෙය රාජ්‍ය අනුග්‍රහයෙන් කළ ප්‍රහාරයක් බවයි.
අපේ තාත්තත් දැනගෙන හිටියා. ඇයි මම කළිනුත් කිව්වේ..
15000ක් පමණ දැනසිටියා කියමන නම් හරි පුදුමයි. ලොක්කන් ඔක්කොම බවුන් වඩමින් සිටීමත් හරි පුදුමයි. එක නරපනුවෙක් නිවට පුතුට කීමත් හරි පුදුමයි. යාඥාවට ගිය අහිංසකයන් නොදැන සිටීමත් හරි පුදුමයි.
පාර්ලිමේන්තුවේ ඉඳපු 225ම මේක දන්නවා. නමුත් මේක බොරුවක් කියලා කවුරුවත් ගණන් ගත්තේ නැහැ.
15000ක් විතර දන්නවාලු. නමුත් ජනාධිපති සිරිසේන දන්නේ නෑලු. කියවන්නේ නැතිව ලිපිවලට අත්සන් කෙරුවලු... මෙයා ඉන්න ඕනේ හිරගෙදර.
අපේ රටේ සිරිසේන කියලා හිටියේ ජනාධිපති කෙනෙක් නෙමෙයි බබෙක්..
සහරාන්ගේ ප්‍රහාරය 1500ක් විතර දැනගෙන හිටියා නම් මොකටද ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිව මේකට හිරකරන්න යන්නේ..?
මේකට වගකියන්න ඕනේ කවුරුවත් නොවේ.., සිරා කියලයි අපි හිතන්නේ.
එක රටක් එක නීතීයක් තියෙන රටක 15000 ක් වගකියන්න ඕන දැනට ලේකම් සහ පොලිස්පති හිරේ.