IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පාසල් සිසුවෙකුගෙන් ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක්

(ප්‍රින්ස් රත්නායක)
 
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන්  දිවයිනෙහි මතුව ඇති සෞඛ්‍ය උපකරණවල අවශ්‍යතාව සඳහා, පුද්ගලයෙකුගේ ආධාරයෙන් උෂ්ණත්වය මැනීම වෙනුවට භාවිත කළ හැකි ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක් නිර්මාණය කිරීමට පාසැල් සිසුවෙක් සමත්ව සිටී.   
මෙය නිපදවා ඇත්තේ, බෙලිහුල්ඔය ගලගම පදිංචි සදෙව් දිනුරුත් ප්‍රනාන්දු සිසුවාය. ඔහු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසැලේ 9 වැනි වසරෙහි ඉගෙනුම ලබයි.  ඔහු මෙසේ ද පැවසීය.
 
“මම මාස 4 කින් විතර මෙය සාදා නිම කළා. කෝවිඩ් වසංගතය නිසා රටේ හැමතැනම මිනිසුන්ගේ උණ මනිනවා. දවසක් මම බැංකුවකට යද්දී ආරක්ෂක නිලධාරියා එතැනට ආ පුද්ගලයකුගේ නළලට උෂ්ණත්වමානය ළංකර උණ මැන සටහන් කරනවා. දෑත් විෂබීජහරණය කරනවා. ඒ අතරෙ අනෙකා වාහන පරීක්ෂා කරනවා. මේ නිසා එතැන තදබදය වැඩිවුණා. මිනිසුන් එකරාශී වුණා. මේ තත්වය සෞඛ්‍ය ආරක්ෂාවට බාධාවක් වගේම කාර්යක්ෂමතාවයටත් බාධාවක්. මේ ගැටලුවට විසඳුමක් විදියට, එක්  අයෙකුවත් නොමැතිව මිනිසුන්ගේ උෂ්ණත්වය මැනබැලීමට ස්වයංක්‍රීය උෂ්ණත්ව මාන පද්ධතිය නිර්මාණය කළා.
 
මෙහි තිබෙන එක් උපාංගයකට නළල ළං කරනවා. උෂ්ණත්වය ගණනය වී දර්ශකය මගින් පෙන්වනවා. උෂ්ණත්වය සාමාන්‍ය නම් බල්බයක් දැල්වී සාමාන්‍ය ලෙස පෙන්නුම් කරනවා. උෂ්ණත්වය අධික නම් රතු බල්බයක් දැල්වී එලාම් නාදයක් නිකුත් ‍වෙනවා. යම් හෙයකින් කෙනෙක් උෂ්ණත්වය නොබලා හෝ උෂ්ණත්වය වැඩිව තිබෙද්දී ඊට ඇතුළුවීම වැළැක්වීමට දුරස්ථ පාලකයක් යොදා ති‍බෙනවා. දුරස්ථපාලකය මගින් ක්‍රියා විරහිත කරන තෙක් එලාම් හඬ නාදවනවා”  යැයිද සිසුවා පැවසීය.
 
මෙය නිපදවීම සඳහා විවිධ පොත්පත් කියැවූ බවත්, විවිධ අත්දැකීම් එක්කර ගත් බවත් සිසුවා සඳහන් කළේය. මෙම නිර්මාණය තවදුරටත් දියුණු කිරීමට අදහස් කරන එම සිසුවා, පුද්ගලයාගේ උස අනුව ස්වයංක්‍රීයව උපාංග පද්ධතිය උස්-පහත් කිරීමට හැකිවන සේ සහ පුද්ගලයාගේ  දත්ත සමග සේයාරුව සටහන් වන පරිදි කැමරාවක් සවි කිරීමට බලා‍පොරොත්තු වෙයි. ඉදිරියේදී ජී.පී.එස්. තාක්ෂණයෙන‍් රෝබෝවරයෙකු නිර්මාණය කිරීමට ද තනි පුද්ගලයෙකුට ගමන් කළ හැකි ඩ්‍රෝනයක් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරන බව පාසැල් සිසුවා කීය.

 



අදහස් (8)

පාසල් සිසුවෙකුගෙන් ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක්

rihan Wednesday, 21 October 2020 10:30 AM

උණුසුම් සුබපැතුම්. ඔබේ ඉදිරි ගමනට ජයෙන් ජය ලැබේවා.

:       0       29

Raveendra Wednesday, 21 October 2020 10:32 AM

පුතේ ඔබගේ මෙම උත්සාහය සාර්ථක වේවා.."සරසවිවල බාලාංශ පන්තිවල ඉගෙනගන්න හැම දේම දියව් දියව් කියන බුද්ධිමත් අයියලාට" ඔබව ආදර්ශයක් වේවා...!!!

:       6       26

eresh S kumara Wednesday, 21 October 2020 10:46 AM

ඇත්තටම අගය කළ යුතුයි.

:       0       28

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 October 2020 11:08 AM

ඔබට ජයවේවා ... !!! බුද්ධිමත් පුතණුවනි ... ඔබෙගේ සියලු අභිප්‍රායන් ඉහළින්ම සාර්ථක වේවා .. ඔබට ජය ...

:       0       1

Champa Wednesday, 21 October 2020 11:32 AM

විශිෂ්ඨ නිර්මාණයක්, පාසල් දරුවෙක් කරපු නිසා අද්විතීය නිර්මාණයක් වෙනවා. ඔබ වැනි පුතුන් ලද ලක්මව හරිම වාසනාවන්තයි. පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කළාද පුතේ? නැත්නම් අදම ඉල්ලුම් කරන්න...

:       0       0

Chandana Wednesday, 21 October 2020 12:36 PM

ලංකාවටම ආඩම්බරයක්... මේ පුතාගේ කැපවීම තුළින් ඔහු පෙන්නා දෙනවා. හදවතින්ම සුබපැතුම් පුතේ.. ඉදිරියට ඔබගේ බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       0       0

චින්තක Wednesday, 21 October 2020 02:37 PM

පුතේ ඔයාට තුනුරුවන්ගේ සරණයි. ඔබට ජයෙන් ජයම වේවා. අනාගතය සුබ වේවා...!!!

:       0       0

Perera Wednesday, 21 October 2020 05:33 PM

මෙහෙම නිර්මාණ කරන අයට ඉදිරියට යන්න කිසිම වැඩපිළිවෙළක් කිසිම රජයකින් සලස්වලා නැහැ. මේ දක්වා එක එක නිර්මාණ ගැන මාධ්‍ය මගින් වාර්තා වුණත් එතැනින් එහාට ඒ කිසිම නිර්මාණයක් ඉදිරියට ආ බවක් ජනතාවට දැනගන්නට නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31645 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14078 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11101 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site