
(ප්‍රින්ස් රත්නායක)
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දිවයිනෙහි මතුව ඇති සෞඛ්‍ය උපකරණවල අවශ්‍යතාව සඳහා, පුද්ගලයෙකුගේ ආධාරයෙන් උෂ්ණත්වය මැනීම වෙනුවට භාවිත කළ හැකි ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක් නිර්මාණය කිරීමට පාසැල් සිසුවෙක් සමත්ව සිටී.
මෙය නිපදවා ඇත්තේ, බෙලිහුල්ඔය ගලගම පදිංචි සදෙව් දිනුරුත් ප්‍රනාන්දු සිසුවාය. ඔහු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසැලේ 9 වැනි වසරෙහි ඉගෙනුම ලබයි. ඔහු මෙසේ ද පැවසීය.
“මම මාස 4 කින් විතර මෙය සාදා නිම කළා. කෝවිඩ් වසංගතය නිසා රටේ හැමතැනම මිනිසුන්ගේ උණ මනිනවා. දවසක් මම බැංකුවකට යද්දී ආරක්ෂක නිලධාරියා එතැනට ආ පුද්ගලයකුගේ නළලට උෂ්ණත්වමානය ළංකර උණ මැන සටහන් කරනවා. දෑත් විෂබීජහරණය කරනවා. ඒ අතරෙ අනෙකා වාහන පරීක්ෂා කරනවා. මේ නිසා එතැන තදබදය වැඩිවුණා. මිනිසුන් එකරාශී වුණා. මේ තත්වය සෞඛ්‍ය ආරක්ෂාවට බාධාවක් වගේම කාර්යක්ෂමතාවයටත් බාධාවක්. මේ ගැටලුවට විසඳුමක් විදියට, එක් අයෙකුවත් නොමැතිව මිනිසුන්ගේ උෂ්ණත්වය මැනබැලීමට ස්වයංක්‍රීය උෂ්ණත්ව මාන පද්ධතිය නිර්මාණය කළා.
මෙහි තිබෙන එක් උපාංගයකට නළල ළං කරනවා. උෂ්ණත්වය ගණනය වී දර්ශකය මගින් පෙන්වනවා. උෂ්ණත්වය සාමාන්‍ය නම් බල්බයක් දැල්වී සාමාන්‍ය ලෙස පෙන්නුම් කරනවා. උෂ්ණත්වය අධික නම් රතු බල්බයක් දැල්වී එලාම් නාදයක් නිකුත් වෙනවා. යම් හෙයකින් කෙනෙක් උෂ්ණත්වය නොබලා හෝ උෂ්ණත්වය වැඩිව තිබෙද්දී ඊට ඇතුළුවීම වැළැක්වීමට දුරස්ථ පාලකයක් යොදා තිබෙනවා. දුරස්ථපාලකය මගින් ක්‍රියා විරහිත කරන තෙක් එලාම් හඬ නාදවනවා” යැයිද සිසුවා පැවසීය.
මෙය නිපදවීම සඳහා විවිධ පොත්පත් කියැවූ බවත්, විවිධ අත්දැකීම් එක්කර ගත් බවත් සිසුවා සඳහන් කළේය. මෙම නිර්මාණය තවදුරටත් දියුණු කිරීමට අදහස් කරන එම සිසුවා, පුද්ගලයාගේ උස අනුව ස්වයංක්‍රීයව උපාංග පද්ධතිය උස්-පහත් කිරීමට හැකිවන සේ සහ පුද්ගලයාගේ දත්ත සමග සේයාරුව සටහන් වන පරිදි කැමරාවක් සවි කිරීමට බලාපොරොත්තු වෙයි. ඉදිරියේදී ජී.පී.එස්. තාක්ෂණයෙන‍් රෝබෝවරයෙකු නිර්මාණය කිරීමට ද තනි පුද්ගලයෙකුට ගමන් කළ හැකි ඩ්‍රෝනයක් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරන බව පාසැල් සිසුවා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබපැතුම්. ඔබේ ඉදිරි ගමනට ජයෙන් ජය ලැබේවා.
පුතේ ඔබගේ මෙම උත්සාහය සාර්ථක වේවා.."සරසවිවල බාලාංශ පන්තිවල ඉගෙනගන්න හැම දේම දියව් දියව් කියන බුද්ධිමත් අයියලාට" ඔබව ආදර්ශයක් වේවා...!!!
ඇත්තටම අගය කළ යුතුයි.
ඔබට ජයවේවා ... !!! බුද්ධිමත් පුතණුවනි ... ඔබෙගේ සියලු අභිප්‍රායන් ඉහළින්ම සාර්ථක වේවා .. ඔබට ජය ...
විශිෂ්ඨ නිර්මාණයක්, පාසල් දරුවෙක් කරපු නිසා අද්විතීය නිර්මාණයක් වෙනවා. ඔබ වැනි පුතුන් ලද ලක්මව හරිම වාසනාවන්තයි. පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කළාද පුතේ? නැත්නම් අදම ඉල්ලුම් කරන්න...
ලංකාවටම ආඩම්බරයක්... මේ පුතාගේ කැපවීම තුළින් ඔහු පෙන්නා දෙනවා. හදවතින්ම සුබපැතුම් පුතේ.. ඉදිරියට ඔබගේ බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පුතේ ඔයාට තුනුරුවන්ගේ සරණයි. ඔබට ජයෙන් ජයම වේවා. අනාගතය සුබ වේවා...!!!
මෙහෙම නිර්මාණ කරන අයට ඉදිරියට යන්න කිසිම වැඩපිළිවෙළක් කිසිම රජයකින් සලස්වලා නැහැ. මේ දක්වා එක එක නිර්මාණ ගැන මාධ්‍ය මගින් වාර්තා වුණත් එතැනින් එහාට ඒ කිසිම නිර්මාණයක් ඉදිරියට ආ බවක් ජනතාවට දැනගන්නට නැත.