
කොරෝනා වයිරසයට එරෙහිව තම රටේ නිෂ්පාදනය කළ එන්නත ආසාදිතයින්ට ලබාදීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව රුසියාව පවසයි. එන්නත නිපදවූ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගින්ස්ට්බර්ග් මහතා මේ බව අනාවරණ කළේය.
ඒ අනුව වෛද්‍යවරුන්ට සහ ගුරුවන්ට එන්නත ප්‍රථමයෙන්ම ලබාදීමට නියමිතය.
පසුගිය අගෝස්තු මාසයේ මෙම එන්නතට රුසියානු ආණ්ඩුවේ අනුමැතිය හිමිවූ අතර එන්නත නම්කර ඇත්තේ 'ස්පුට්නික් වී' ලෙසය. 1957 වසරේදී සෝවියට් දේශය විසින් අභ්‍යාවකාශ ගතකළ ලොව ප්‍රථම චන්ද්‍රිකාව සිහිවීම පිණිස එම නම තබා තිබේ.
එන්නතේ සායනික පරීක්ෂණවල අවසන් අදියර සඳහා මේ වන විට පුද්ගලයෝ 40,000 ක් පමණ සහභාගි වී සිටිති.
රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂුස්ටින් මහතා පැවසුවේ කොරෝනා වයිරසයට එරෙහි ලොව ප්‍රථම එන්නත තම රටේ නිෂ්පාදනය කිරීම පිළිබඳ ආඩම්බර වන බවයි.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දුවටත් ගහලා අත්හදා බැලුවේ මොකක්ද?
මොකක් හරි බාල එන්නතක් ලංකාවට ගෙනැල්ලා ගහන්න බලන් ඉන්නවා වගේ පේන්නේ අපේ කට්ටිය. ආසාධිතයින් වැඩිවන තරමට හම්බවෙන ගණන වැඩි වෙනවා.