
කොරෝනා වයිරසයට එරෙහිව තම රටේ නිෂ්පාදනය කළ එන්නත ආසාදිතයින්ට ලබාදීම ලබන මාසයේ මුල සිට ආරම්භ කරන බව රුසියාව පවසයි. එන්නත නිපදවූ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් ගින්ස්ට්බර්ග් මහතා මේ බව අනාවරණ කළේය.
ඒ අනුව වෛද්‍යවරුන්ට සහ ගුරුවන්ට එන්නත ප්‍රථමයෙන්ම ලබාදීමට නියමිතය.
පසුගිය අගෝස්තු මාසයේ මෙම එන්නතට රුසියානු ආණ්ඩුවේ අනුමැතිය හිමිවූ අතර එන්නත නම්කර ඇත්තේ 'ස්පුට්නික් වී' ලෙසය. 1957 වසරේදී සෝවියට් දේශය විසින් අභ්‍යාවකාශ ගතකළ ලොව ප්‍රථම චන්ද්‍රිකාව සිහිවීම පිණිස එම නම තබා තිබේ.
එන්නතේ සායනික පරීක්ෂණවල අවසන් අදියර සඳහා මේ වන විට පුද්ගලයෝ 40,000 ක් පමණ සහභාගි වී සිටිති.
රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂුස්ටින් මහතා පැවසුවේ කොරෝනා වයිරසයට එරෙහි ලොව ප්‍රථම එන්නත තම රටේ නිෂ්පාදනය කිරීම පිළිබඳ ආඩම්බර වන බවයි.
(එන්.එච්.කේ. ඇසුරෙනි)
226
2025 නොවැම්බර් මස 17
40
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2511
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රුසියාව නිපදවූ එන්නත අත්හදා බැලීම ලබන මාසයේදී
kamal Wednesday, 21 October 2020 08:33 AM
එතකොට දුවටත් ගහලා අත්හදා බැලුවේ මොකක්ද?
Nuwan Wednesday, 21 October 2020 09:29 AM
මොකක් හරි බාල එන්නතක් ලංකාවට ගෙනැල්ලා ගහන්න බලන් ඉන්නවා වගේ පේන්නේ අපේ කට්ටිය. ආසාධිතයින් වැඩිවන තරමට හම්බවෙන ගණන වැඩි වෙනවා.