
(කේ. බුද්ධික කුමාරසිරි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස අද (21) හඳුනා ගැනීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථානය වසාදමා ඔහුගේ ආශ්‍රිතයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි.
ආසාධිත ව්‍යාපාරිකයා අසනීප තත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර මහරෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදි කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී කොරෝනා ආසාධිතයෙකු බව හඳුනාගෙන ඇතැයි ජගත් කුමාර මහතා සඳහන් කළේය.
ඒ අනුව, මීගොඩ ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පවුලේ පිරිස එම නිවසේදීම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් ව්‍යාපාරික ස්ථානය හා සම්බන්ධ ආශ්‍රිතයින් ඔවුන් පදිංචි ස්ථානවල ම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ද විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු අද සවස සිට යළි වෙළඳාම් කටයතු සදහා විවෘත කිරීමට අවසර ලබාදී ඇත.
ආසාදිත ව්‍යාපාරිකයාට අයත් වෙළඳ මධ්‍යස්ථානය වසාදමා විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd