(විනීතා එම් ගමගේ)
විසිවැනි සංශෝධනය පිළිබඳ ඡන්දය විමසීමේ දී රහස් ඡන්දයක් විමසන ලෙසත්, එහි දී මාතෘකාවෙන් මාතෘකාවට වෙන වෙනම ඡන්ද විමසන ලෙසත් මාර්තු 12 ව්‍යාපාරය කථානායකවරයා ගෙන් ඉල්ලා සිටියි.
එසේ කළහොත් ජනතා නියෝජිතයන්ට හෘද සාක්ෂියට එකඟව විසිවන සංශෝධනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය දිය හැකිවනු ඇතැයි මාර්තු 12 ව්‍යාපාරයේ සමකැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (21) පැවසීය.
එහි සමහර වගන්ති සංශෝධනයට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇති බැවින් ද තවත් සමහර වගන්තිවලට මන්ත්‍රීවරු අතර පවා විවිධ මත පළවන බව ද පෙන්වා දුන් හෙට්ටිආරච්චි මහතා මාතෘකාවෙන් මාතෘකාවට ගිය හොත් සැබෑ ජනමතය පළ වනු ඇතැයි ද කියා සිටියේය.
සමස්ත ව්‍යවස්ථාව ලෙස ඡන්දය විමසුවහොත් විරුද්ධ ස්ථානවල දී විරෝධතාව පළ කරන්නට අවස්ථාව නොලැබෙනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
උදාහරණ ගෙන හැර පෙන්වූ ඔහු කියා සිටියේ, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ජනාධිපතිවරයකුට අවස්ථා කීයක දී අපේක්ෂකත්වය ලබා ත හැකි ද යන වග මෙන්ම විගණනය පිළිබඳ වගන්ති ආදී කරුණු පිළිබඳව මේ වනවිට මන්ත්‍රීවරුන්ගෙන් විවිධ මත පළව ඇති බවයි.
රහස් ඡන්දයක අවශ්‍යතාවය මතු කරන්නට මාර්තු 12 ව්‍යාපාරයට ඇති උවමනාව මේ හේතුවෙන් වඩාත් ප්‍රබල මෙවැනි තත්ත්වයන් යටතේ යැයි පෙන්වා දුන් හෙට්ටිආරච්චි මහතා මෙම ව්‍යාපාරය රටේ සාර්ථක ආණ්ඩුකරණයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවනය උදෙසා අඛණ්ඩ ක්‍රියාවලියක නිරතව සිටින ස්වේඡ්ඡා සංවිධාන එකතුවක් වන බැවින් මෙම ඉල්ලීම පිළිබඳ කතානායකවරයාගේ අවධානය යොමු වනු ඇතැයි විශ්වාස කරන බව ද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයෝජනවත් යෝජනාවක්...
1978 ජේආර් ව්‍යවස්ථාව අපේ රටට හොඳම ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් සිවිල් සමාජයට වඩා මේ රටේ ජනතාව දේශපාලනය හොඳින් දනිති. එක් නායකයෙක්, එක් රටක්, එක් නීතියක්.
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සදහා කියමින් ජනාධිපතිවරයාගේ බලය දුර්වල කලොත්, රට බෙදීමට වෙර දරන බෙදුම්වාදී සහ මිනීමරු එල්ටීටී අනුගාමිකයින් ට සහ නැගෙනහිර ජිහාඩවාදීන්ට ඒකීය රාජ්‍යය බිලිවනු ඇත. කිසිම ඒකාධිපතිත්වයක් සදාකාලිකව පවතින්නක් ද නොවේ.
Truth, මහත්මයා හෝ මහත්මිය පවසන්න ඔය කියන මහා ලොකු විදියක බලය වැඩ බැරි පුද්ගලයකුට ලැබුනොත්....?