
(ඉන්දිකා රාමනායක)
නයිලෝන් මිශ්‍ර ටයර් රැහැන් බව පවසමින් නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබු එතනෝල් ලීටර් 15,300 ක ප්‍රමාණයක් සහිත බහාලුමක් රාජසන්තක කළ බව රේගුව පවසයි.
මෙම වංචාවෙන් රජයට රුපියල් කෝටි 2 ට ආසන්න බදු මුදලක් අහිමිව ඇති බවද රේගුව කියයි.
මහනුවර ව්‍යාපාරියකු විසින් ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර ඉකුත් වසරේ මැයි මස චීනයේ ෂැන්හයි වරායේ සිට මෙම බහාලුම මෙරටට එවා තිබු බව රේගු ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයෙන් මෙම වංචාව හෙළිව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මස ව්‍යාපාරිකයා ඇතුලු සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 7 ක දඩයක් නියම කර තිබු බවද රේගු ආරංචි මාර්ග පවසයි.
මෙම බහාලුමේ බැරල් 80 තුළ මෙම එතනෝල් තිබු බවත් එතනෝල් වල වටිනාකම රුපියල් ලක්ෂ 20 ට අධික බවද පැවසේ.
මෙම එතනෝල් බහාලුම අද (20) තොටළග ග්‍රේලයින් අංගනයේදී මුල් වරට මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට රේගුව පියවර ගත්තේය.
මේ අවස්ථාවට රේගු අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
කන්ටේනරයේ තිබු එතනෝල් සහිත බැරල් රේගු අධ්යක්ෂ ජනරාල් (විශ්‍රාමික මේජර් ජනරාල්) විජිත රවිප්‍රිය මහතා ඉදිරියේ රේගු නිලධාරීන් පරීක්ෂාවට ලක් කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


(ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ව්‍යාපාරිකයාට අනුබල සහ උදව් දුන් දේශපාලකයින් ගැනත් පරීක්ෂණ කරන්න. මොකද එවැනි උපකාර නොමැතිව මෙවන් දෙයක් කිරීම අසීරුයි.
ඉඳලා හිටලා ගාණ ලැබුණේ නැතිව ගියාම පත්තරවලට එන්න කියලා මේ වගේ සංදර්ශනයක් දාන එක රේගුවේ වගේම හොර මත්පැන් අල්ලන නිලධාරින්ගෙත් සංදර්ශනවල කොටසක්... ඒත් මේ සංදර්ශන වලට අධ්යක්ෂ ජනරාල්තුමාවත් ඇඳගන්න එකයි දුක...
බය වෙන්න කාරි නෑ. තව ටික දවසකින් ස්කාගාරවලට ගිහින් තියෙයි.
සිද්ධියට සම්බන්ධ අයට නඩුත් දාලා නම්, මේක උනේ ජනවාරිවල නම් මේක මාධ්‍ය සංදර්ශනයක් විතරක් නේද?
ඕවා වෙන්දේසි කරපුවාම අඩුගාණකට ජොනියට ගන්න පුළුවන් වේවි.
වරායේ ස්කෑන් යන්ත්‍ර තියෙද්දී එළියට එන බඩුවල සම්පූර්ණ වගකීම රේගු නිලධාරීන් සතුයි. ඔවුන්ට නිසි දඬුවම් දෙන්න.
ඕවා ජොනී මහත්තයාගේ බඩු නොවේ. අනිවාර්යයෙන්ම මධූෂ්ගේ, පොඩි ලැසීගේ, වෙලේ සුදාගේ බඩු.
මේක අහුවෙලා මාස 4යි. දැන් එතනෝල් වතුර වෙලා ඇති.
සුදත් සිල්වා කියන්නේ රටට ආදරේ කරන ජීවිත තර්ජනය නොතකා ආධිපත්‍යය වෙනුවෙන් කැපවී සේවය කරන රේගු නියෝජ්‍ය අධ්යක්ෂ තුමෙක් මෙවන් නිලධාරීන් තවතවත් අපේ මව්බිමේ බිහිවේවා..!!!
නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදත් සිල්වා වැනි නිලදරුවන්ගේ සේවය රටවැසියෝ වන අපි අගයමු.
සුදත් සිල්වා අවංක නිලධාරියෙක් බව ආයතනය දන්නවා. නීතිය අකුරටම ඉටුකරන්න.
සුදත් මහත්තයෝ ප්‍රවේශමෙන්... ජීවිත තර්ජන එන්න පුළුවන්... ආරක්ෂාකාරීවන්න.
මේවාවල ඇත්ත අයිතිකාරයෝ හොයන්න බැරිද? එකම රටක්.. එකම නීතියක් පුස්සක් වෙමින්ද යන්නේ මැතිතුමනි...?
නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදත් සිල්වා මහතා මේ රටට කරන සේවය අපි ඉතා ඉහළින් අගයමු.
සුදත් මහතාට තව තවත් මෙවන් වැටලීම් කරන්න එතුමාට එස්.ටී.එෆ්. එකේ ආරක්ෂාව අවශ්‍ය බව මේ රජයට යෝජනා කරනවා.
මේ වගේ වැටලීම් කරද්දී ජීවිත තර්ජන එමටයි.. ඒ නිසා මෙතුමාට? එස්.ටී.එෆ්. ආරක්ෂාව විශේෂයෙන් ලබාදිය යුතුයි. මෙතුමාව ආරක්ෂා කර ගැනීම උදෙසා....