
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගන්නා ලද එන්නත් මේ වනවිට රටවල් 10ක පුද්ගලයන් 60,000කට ආසන්න පිරිසකට ලබා දී ඇතැයි චීන බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 60,000කට පිරිසට එලෙස අදාළ එන්නත් ලබා දී තිබෙන අතර ඔවුන් මේ දක්වා කිසිදු අතුරු ආබාධයක් පෙන්නුම් කර නැතැයි ද එම බලධාරීහු කීහ.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියැන් ද අද (21) ඒ බව ප්‍රකාශ කළේය. මේ කරුණු දැනුම් දීම සඳහා චීන සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් තවත් මාධ්‍ය හමුවක් ඊයේ ද (20) පැවැත්විණි.
චීනය ද නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට එන්නතක් සොයාගැනීමේ ගෝලීය තරගයට පිවිස සිටින බවත් මේ වනවිට එන්නත් 13ක් සායනික මට්ටමේ අත්හදා බැලීම්වල තිබෙන බව ද එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරියකු වන ටියැන් බාවෝගුවෝ පැවැසීය.
එම එන්නත් 13 න් හතරක් මේ වනවිට ජාත්‍යන්තර මට්ටමේ තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම් මට්ටමට අවතීර්ණ වී ඇතැයි ද හෙතෙම කීය.
‘‘මුල් අදියරේ සායනික අත්හදා බැලීම්වලදී අපි තරමක හානිකර ප්‍රතිචාර දැක්වීම් දැක්කා. එන්නත් ලබාදුන් පසු එම ඇතැම් අයට වේදනාවක් තිබ්බා. ඇතැම් අයට උණ තිබ්බා. එහෙත් දැන් ඒ තත්ත්වය නැහැ. අපි දැන් තැන්වැනි අදියරට ඇවිත් ඉන්නේ. පුංචි පුංචි දේවල් තිබුණත් කිසිදු බරපතළ තත්ත්වයක් පෙන්නුම් කර නැහැ.’’ යැයි ටියැන් පැවැසීය.
මේ සියලු අත්හදා බැලීම් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද හෙතෙම කීය.
මේ වසර අවසානයේදී චීනය ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා මිලියන 610ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව චීනයේ කොරෝනා වයිරස එන්නත් සංවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානී ෂෙන් ෂොන්ග්වෙයි මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.
චීන මාධ්‍ය ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හුනා කිව්වා වගේ කියන්නම් ඔය චීන මලජරාව ලංකාවේ මිනිසුන්ගේ කරේ ගැහුවේ නැත්නම් ලෝක පුදුම හතෙන් එකක් වෙනවා.
පළමුව ඔය එන්නත් ලංකාවෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට ලබා දෙන්න. ජවතාවට සැබෑ ආදරයක් තියෙන අය එහෙමයි කැප කිරිම් කරන්න ඕන.
චීනය මුලින්ම කොවිඩ් -19 වෛරසය නිපදවූ අතර දැන් කෝවිඩ් -19 ආරක්ෂණ එන්නත නිපදවීය. හොඳින් කළ චීනය.