රත්නපුර ලයින් කාමරයකින් මවක සහ දරුවාගේ සිරුරු හමුවේ රත්නපුර කෙහෙල්ඔවිටිගම වම්බටුහේනේ ලයින් කාමරයක තිබී කුඩා දරුවකුගේ මළසිරුරක් සහ දරුවාගේ සිරුරු හමු වූ බව ඇලපාත පොලිසිය කියයි. 28 December 2023
මාස 7 කදී ‘සරම්ප’ රෝගීන් 700 ක් හදුනාගනී මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කාලය තුළ ‘සරම්ප’ රෝගීන් 700 කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද (28) පැවසීය. 28 December 2023
කළුතර තවත් රැඳවියෙක් මරුට සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. තෙවන මරණය අද සවස වාර්තා වී ඇත. 28 December 2023
කිල්මිෂාට උපන් ගමෙන් උපහාර දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ යාපනයේ කිල්මිෂා උදයෂීලන් පිළිගැනීමේ උත්සවයක් යාපනයේදී අද (28) පැවැත්විණි. 28 December 2023
කේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයි මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 28 December 2023
පරක්කු වූ රස පරීක්ෂක වාර්තා මාස හයක් ඇතුළත දෙයි ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 December 2023
ඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළට ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. 28 December 2023
රොබෝ ප්‍රහාරයෙන් ඉංජිනේරුවාට තුවාල ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙස්ලා සමාගමේ කර්මාන්ත ශාලාවකදී රොබෝ ප්‍රහාරයකින් එහි ඉංජිනේරුවකුට තුවාල ලබා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. 28 December 2023
මහවැලි ගඟ පිටාර ගලයි: මනම්පිටිය යටවේ මහවැලි ගඟ පිටාට ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය කියයි. 28 December 2023
‘‘කෝවිඩිවලින් දරුවන් පරිස්සම් කරන්න‘‘ දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. 28 December 2023
වෛද්‍ය බෙල්ලනගෙන් පැය පහක් ප්‍රශ්න කරයි බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන බව සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) පැය 5 ක් පමණ ප්‍රශ්න කළේය. 28 December 2023
ඉන්ධන - ගෑස් වරාය බද්දෙන් ඉවතට ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය. 28 December 2023
කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 28 December 2023
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 28 December 2023
ඉන්දියන් බිත්තර තවත් ලක්ෂ 80 ක් සතොස ට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 80 ක් ලංකා සතොසට නිකුත් කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 28 December 2023
කොලොන්නාවේ හෝටලයක ගින්නක් කොළොන්නාව ප්‍ර දේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් එහි අරක්කැමියා දුම ආග්රාහනයවීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 28 December 2023
අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 December 2023
රත්තරන් මිල අදත් ඉහළට දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (27) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 28 December 2023
’පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (28) පත් කරනු ලැබීය. 28 December 2023
‘කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 28 December 2023
අධිවෙිගයේ උද්ඝෝෂණයක් අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නඩත්තු කළමනාකාර පැවරුම් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරීයට විරෝධය පා බණ්ඩාරගම, වල්ගම පිහිටි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරන ඒකකයේ ප්‍රධාන කාර්යාල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 28 December 2023
ගැමියෝ අනුරාධපුර-කුරුණෑගල පාර වහති අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්වීම නිසා ප්‍රකෝප වූ ගම්වාසීහු පිරිසක්, වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද (28) දහවල් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයෙන් වසා දමමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 28 December 2023
වරාය උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්‍රයේ අද(28) දින පවත්වන උද්ඝෝෂණය සහ පෙළපාලිය වළක්වන ආඥාවක් නිකුත් කරන්නැයි වරාය සහ වෙරළබඩ පොලීසි දෙක කළ ඉල්ලීම් දෙකක් ඉවත දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. 28 December 2023
අල්ලස් කොමිසම පත් කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ. 28 December 2023
සරසවි ඇදුරෝ අටසීයක් රට දාලා ගිහින් ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය. 28 December 2023
සැරයන්ට ගලකින් ගසා පනින්න ගිය කුඩු ජාවාරම්කරු කොටුවෙයි දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකුගේ හිසට ගල් පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය 28 December 2023
යළි මුව ආවරණ දැම්මාට වරදක් නෑ යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 28 December 2023
පොලීසියට පාට් දැමූ 5ක් අත්අඩංගුවට විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ තීරෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 December 2023
ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින් ඇවිල්ලා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබලයෙන් යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින්, ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි. 28 December 2023
ගම්පහ රෝහලෙනුත් කොරෝනා මරණයක් රෝග තත්ත්වයක් මත ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බව අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 28 December 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026