(අංජුල මහික වීරරත්න)
අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
නැවතී තිබුණු ලෝක බැංකු, ආසියා සංවර්ධන බැංකු, ජයිකා ආයතනය ඇතුලු ලංකාවට ආධාර සහ ණය දුන් කණ්ඩායම් වල සංවර්ධන ව්‍යාපෘති නැවත 2024 ජනවාරි මාසය ලබන විට
ආරම්භ වීමට නියමිත බව කී අබෙිවර්ධන මහතා පසුගිය කාලය පුරා කතා කිරීමට නොහැකිව තමන්ගේ දේශපාලන පක්ෂ වල බෝඩ් ලෑලි සඟවා සිටි පිරිස් මේ වනවිට එළියට පැමිණ අදහස් ප්‍රකාශ කරමින් සිටින බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'කට බොරු කීවත් - දිව බොරු කියන්නේ නැහැ'යි කියලා අපේ ජනවහරේ තියෙනවා. "අතීතයේ වූ ඛේදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව..." සහතික ඇත්ත. 88-89 යුගයේ තරුණ තරුණියන් දහස් ගණනක් පන පිටින් ටයර් දමා ගිනිතබා ඝාතනය කලේ කවුද? ඔය තැන තැන කියවන රනිල් වික්‍රමසිංහ ඇතුළු ඝාතකයින් නොවේද? සජිත්ගේ තාත්තා ලොකු ප්‍රේමදාසලා නොවෙයිද? රාජිතගේ කුලී මිනීමරුවන් යොදවා හමුදාවේ පවුල් කිහිපයක් අමු අමුවේ ඝාතනය කොට ඒ වගකීම ජනතා විමුක්ති පෙරමුණ වෙත පටවා, හමුදාවේ වයිරය ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමුකළේ කවුද? ඒ සියල්ල එදා කළේ එක්සත් ජාතික පක්ෂයේ මිනීමරුවන් බව කවුරුත් දන්නවා, ඔවුන්ගෙන් අනාගත දරු පරපුර ආරක්ෂාකර ගැනීමටනම් මිනීමරු බැංකු හොරුන් ඇතුළු එජාපයත්, එපමණක් නොව, රතුපස්වල, වෙළඳ කලාපය, වැනි තැන්වල කරන ලද මිනිමරුම්වලටත්, ජනමාධ්‍යවේදීන් ඝාතන වලටත්... මිනීමරුවන්ඇතුළු පොහොට්ටුවනුත් ඡන්දයෙන් පරාජය කොට.. ඉන්පසු ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා අධිකරණය හමුවේ විභාගකොට වැරැදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුවේ..
පුළුවන් නම් පාරට බැහැලා කථා කරන්න.
ඉතින් තවත් පවු දෙන්නේ නැතුව ගෙදර යන්න.
අතීත පව් අනාගත පරපුරට නොවෙයි... ඔයාලටමයි පැටවෙන්නේ..., ඒවා ගෙවන්න ලෑස්තිවෙලා ඉන්න..
අතීත පව් අනාගත පරපුරට නොදීමේ භාරධූර වගකීමට, ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව ලෑස්ති වෙනවා... ආර්ථික මරමස්ථාන විකුණමින්, ජනතාවට බදුපිට බදු ගසමින් පින් ජනාධිපතිවරයා ප්‍රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙනියන පාලනයට හොඳ පාඩමක් උගන්නන්නේ මෙදාපාර... මෙදා පාර කන්නේ ආයේ ජීවිතයටම කෑවේ නැති පරිප්පුවක්..!!!
බෝඩ් ලෑල්ලට සීමා වුණේ එජාපය එක නේද?
ඒ පව් පුරවලා තියෙන්නේ තමුන්ලාම තමයි. තමුන්ලා තමා අපට පව් දෙන්නේ. තමුන් ඔය තැනට ආවේ කොහොමද කියලා රටම දන්නවා. වත්කම් හෙළි කරන්න...
මෙයාට වැරදිලා කට දිව තල්ල කරකැවිලා, පැටලිලා කිව්වත් මේ කතාව හරි. ඒ කියන්නේ මේ මෑත අතීතයේ මේ වාසනාවන්ත රටට කරන්න පුළුවන් හැම විපතක්ම ඛේදවාචකයක්ම කලේ මේ උන්දැලාම තමයි. ඒ හින්දා ඊළඟට එන මුල්ම මැතිවරණයෙන්ම පටන් අරගෙන මේ උන්දැලාව රටේ දේශපාලනයෙන් සදහටම ඉවරෙටම ඉවරවෙන්න අතුගාලා දාන්න ඕනෑ කියන පණිවිඩය තමයි මේ කියැවිලා තියෙන්නේ.
දැනටමත් ඔබලා කරපු පව් සහ ඛේදවාචක අනාගත දරුවන්ට සහ පරපුරට පැටවෙලා ඉවරයි. සංවර්ධන සංවර්ධන කියමින් ලෝකේ වටේ ණය අරන්, කොමිස් ගහමින්, ජනතාව පීඩාවට පත් කරනවා මිස, දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපනයනය හරහා රට සංවර්ධන කිරීම වෙනුවෙන් කිසිම වැඩ පිළිවලක් මෙයාලාට නැහැ.
යන්න සක්කිලි හැත්ත... ඔබලා බොරු කියලා මිනිස්සු අන්දවනවා රට කාලා දැන් වැදිබණ කියනවා. ඔබලා රටේ දේපල හොරාකාලා දැන් එනවා සුදනෝ වෙන්න... හෙණම ගහන්න ඕනෑ...
අතීත පව් මහජනයා පිට පටවල තියෙන්නේ උඹේ ලොක්ක නෙ. වෙන කවුරුත් නෙවේ. ලොක්කට ම කියපන්.
තව කවුද මේ අයගේ පක්ෂේ ඉන්නේ ...?
වලිගෙ පෑගිලද කියලා බලන්න...
කරුණාකරලා දැන් තියෙන වැට් එක අයින් කරන්න.
වජිර . මොකක්ද කියන්නෙ කෙහෙලිය ගැන ?
වජිර ඔයා අනාගත පරපුරට කරන ලොකුම දෙය තමයි කරුනකර ඔතනින් යනව ගෙදර ,තවත් පින් පඩි සහ සුර සැප විදින්නෙ නැතුව මහජනයගෙ සල්ලිවලින්