
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකුගේ හිසට ගල් පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය
තුවාල ලද පොලිස් සැරයන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත
සැරයන් වරයාට තුවාල සිදුකල ජාවාරම්කරු වන "මාළිගාවත්තේ අසිත" නැමැත්තා සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11500 ක් පොලිස් භාරයට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11500ක් කියන්නේ නැතුව ග්‍රෑම් 11.5ක් කියන්න බැරි හේතුව මොකක්ද? මමයි වැඩකාරයා කියලා පෙන්නන්නද?