(යොහාන් භාසුර)
පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
‘කුඩු රොෂාන්’ නැමැත්තාට අයිති යැයි කියන ජාඇල ප්‍රදේශයේ ඉඩමක් සහ ජීප් රථයක් මෙසේ පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ නීති විරෝධී වත්කම් පිළිබඳව පොලිස් කොට්ඨාසය ක්‍රියාත්මක කරනු ඇති බවත එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව පැත්තේ එහෙම අල්ලන්න කවුරුවත් නැද්ද අප්පා...?
කුඩු කාරයෝ අල්ලන එක පැත්තක තියලා ඔවුන්ගේ දේපළ පස්සේ පන්නනවා. පස්සේ ඕවාට වෙන්නෙත් කොටින්ගේ දේපළවලට වෙච්චි දේම තමයි.
තරුණ පරපුරම වනසන මොවුන් දේපල, ධනය රැස්කරගෙන යහතින් හිතන්නේ මොලේ කළඳක් නැතිකම, පුදුමයට කරුණ මොවුන් දරුවෝත් හදන එක. දිට්ඨධම්මවේදනීය කර්මය ඇහිලාම නෑ...
2024 මැතිවරණ සඳහා පාර කපනවා නොවේ නේද? මේවා දකින කොට අපට නිකමට වගේ "පාස්කු" මතක්වෙනවා...!
කෝටි 6ක් කියන්නේ කුඩුකාරයෙක්ගේ සතියක ආදායම. ලබන ඡන්දෙට මිනිස්සුන්ට කෙරුවා කියලා පෙන්නන්න දෙයක් නැති නිසා නටන බොරු නාටකයක් ඔය කුඩු නාඩගම. ඕක ඉතින් 2020 ත් කරනවා කියලනේ ආවේ... අවුරුදු 2ක් ගිහිනුත් නැතිවෙච්චි පාතාලයක් නැහැනේ...!