(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ  ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද  (28) පත් කරනු ලැබීය.

කෘෂිකර්ම සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන පීරිස් මහතා  මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) වශයෙන් සේවය කළේය.

2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම කර ඇත.