(යොහාන් භාසුර)
මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම නිසා නත්තල් සමයේ පසුගිය වසරවලට සාපේක්ෂ කේක් අළෙවිය සියයට 25 ක් දක්වා අඩු වූ බව කී ජයවර්ධන මහතා බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාව ද පැවැති බව ද සඳහන් කළේය.
ආනයනික බිත්තර බේකරිහිමියන්ට නොලැබූ බව කී ඒ මහතා ඒ හේතුවෙන් දේශීය බිත්තරයක් රුපියල් 55 කට මිලදී ගෙන කේක් අඩු මිලට අළෙවි කිරීමේ අපහසුතාවක් පවතින බව ද එන්. කේ. ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට කේක් හදන එක නවත්තලා, 2048දී අළුතින් පටන් ගන්න.
පාන් වෙනුවටත් කේක් කකා හිටපු ජාතියකට පාලකයින් සහ පූජකයින් විසින් වඳ කොත්තු කවා නිර්වින්දනය කළා... ඊට පසුව එඛීය රටක වෙසෙන ජනතාවකට දේශීය ආර්ථික ක්‍රමයකට හුරුවීමට අවශ්‍ය වුණා... පිටිකිරි වෙනුවට, දේශීය එළකිරි බොන්න ඕනා වුණා..පාන් වෙනුවට, අල, බතල, මයියොක්කා කන්න ඕනෑ වුණා... ඒ විතරක්ද, එදා ඉඳලාම රසායනික පොහොර යොදාගෙන කරපු ගොවිතැනට කාබනික පොහොර යොදන්න ඕනෑ වුණා.. කාබනික වගාවට යන වියදම හා එයින් ලැබෙන අස්වැන්න ගැන අම්බරුවන්ට කිසිම අවබෝධයක් තිබුනේ නැහැ... තරුණයින් කාලා වැඩිකමට ඇඟවල් වල තෙල් දාලා පාරවල් අයිනේ තිබුණු තාප්පවලත් බිතු සිතුවම් ඇන්දා... ජාති ආලය කොච්චර මැරුවාද කියනවා නම් ජාතික කොඩියත්, "සිංහළේ" ලෙස වෙනස් කරන්න ඕනා වුණා... අන්න එහෙම උජාරුවෙන් හිටපු මෝඩ අඥාන ජාතියකට අවසානයේ පොල්සම්බෝලේට දා ගන්න ළූණු මිරිස් ටිකක් දාගන්න බැරි තත්වයකට පත් වුණා... ඇඟිල්ලේ තරමට ඉදිමියල්ලා සිහලුනේ!!
අනේ ඔවුන්ට බිත්තර දුන්නත් ඔච්චර තමයි.පහුගිය කාලේ ඉන්දියන් බිත්තර ඒගොල්ලන්ට විතරනේ දුන්නේ එතකොට අඩුකලාද?දැන් සතොස හරහා සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බිත්තරේවත් හම්බවෙනවා.
මිනිස්සුන්ට පාන් කියා ගන්නවත් බැරුව කොහොම කේක් කන්නද ලොක්කා
හැමදාම මොවුන්ගේ දුක මිනිස්සුන්ට අහන්න වෙලා තියෙන්නේ...