(රෝෂන් තුෂාර)
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්‍රයේ අද(28) දින පවත්වන උද්ඝෝෂණය සහ පෙළපාලිය වළක්වන ආඥාවක් නිකුත් කරන්නැයි වරාය සහ වෙරළබඩ පොලීසි දෙක කළ ඉල්ලීම් දෙකක් ඉවත දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂනය හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම නොකළ යුතු බවත්,වාරණ ආඥාවක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලීසිය ඉදිරිපත් කර නොමැති හෙයින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අදාල නියෝගය නිකුත් කරමින් අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේය.
නීති විරෝධී රැස්වීමක් හෝ උද්ඝෝෂණය මගින් අපරාධ වැරදි සිදුවේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පොලිසියට ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ ආඥාවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා කමට වගේම මෝඩ කමට අහන්නේ... ඔහොම උද්ඝෝෂණ කරන්න ඉඩදීම නිසා ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකෙනවා... වගේම අනෙකුත් සමස්ථ ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙනවාද කියලා හිතෙනවා. මොකද ඔය උද්ඝෝෂණ කරන අය වැටුප් හා දීමනා ලබන්නේ ඔවුන්ගේ (ජනතා මුදලින්) මුදලින් නිසායි. එහෙම පිරිසක් සේවා පැහැර හැරීම බදුගෙවන හා සමස්ථ ජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙන්න පුළුවන්... ඒ අයට ප්‍රශ්න වලට උද්ඝෝෂණ අවශ්‍ය නැහැ. වැටුප් ප්‍රමාණවත් නැත්නම් ප්‍රමාණවත් වැටුප් හා අනෙකුත් පහසුකම් ඇති තැනකට යන්න අයිතිවාසිකම් තියෙනවා...