(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

විශාල පිරිසක් බලා සිටියදී   පොලිස් නිලධාරීන්  දෙදෙනෙකු ට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ  තීරෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන්  පස් දෙනකු  අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

 බරපතල තුවාල ලබා ඇත්තේ කැස්බෑව පොලිසියට අනුයුක්තව අවකාලිකව ස්ථාන මාරු ලබා ඉඩම් ගොඩකිරීමේ හා නිරවුල් කිරීමේ කොට්ඨාසයේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකි .

සැකකරුවන් පහර දීමට යොදාගත් යකඩ පොල්ල සහ ඔවුන් පැමිණි තීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.

පහරදීමෙන් තුවාල ලද එම නිලධාරීන් දෙදෙනා පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි එක් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.