(යොහාන් භාසුර)
ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.
සමස්තයක් ලෙස ගත්විට සාමාන්‍ය දිනවල ද ඉන්ධන අළෙවිය ඉන්ධන මිල අඩු මුදලක පැවැති කාලයට සාපේක්‍ෂව සියයට 40 කින් පමණ පහළ ගොස් ඇති බව කී ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාව ගමන් බිමන් සීමා කිරීම සහ වැඩි වශයෙන් පොදු ප්‍රවාහන පාවිච්චි කිරීම මෙයට හේතු වී ඇති බව සඳහන් කළේය.
පිරවුම්හල්වල ඉන්ධන තොග රඳවාගත්තද අළෙවිය පහළ මට්ටමක පවතින බව කී ඒ මහතා පැවසුවේ අළෙවි පහළ ගිය ද ඉන්ධන පිරිවුම්හල් හිමියන් විදුලි බිල සහ සේවක වැටුප් ආදි වියදම් අනිවාර්යෙන්ම දැරිය යුතු බවත්ය.
මෙම තත්වය හේතුවෙනන් බස්නාහිර පළාතෙන් පිටත ඉන්ධන පිරවුම්හල් හිමියන් බොහෝමයක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වැසී යෑමේ අවදානමක් ඇති බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොනාගේ කාලයේ ගහන්න තෙල් නැහැ. පින් ගොනාගේ කාලයේ තෙල් ගහන්න සල්ලි නැහැ. දෙකම එකයි...!
ගිය අවුරුද්දෙ ලක්ශයක් විතර රට දාල ගිහිල්ල කිව්ව නේද? අන්න ඒ මිනිස්සුන්ට යමක් අමක් තිබ්බ මිනිස්සු ඒ මිනිස්සු ගොඩක් ඉන්දන පරිබෝජනය කරානෙ දැන් ඒ අය ගියාම ඉතින් ටිකක් විතර ඉන්දන පරිබෝජනය අඩු වෙනව ඒක තමයි දැන් වෙලා තියෙන්නෙ
ඒක හොඳයි... විදේශ විනිමය ඉතිරියි. නිකන් තෙල් ගහන එකේ රස්තියාදු ගහන ටික අඩුවෙලා අත්‍යාවශ්‍ය ගමන් බිමන් විතරයි යන්නේ.. ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක පරිසර දූෂණයත් අඩුවෙනවා. මේක නිකන් බෙදලා අවශ්‍යතාවයටත් ගන්න බැරිවුණා පහුගිය කාලේ...!
රටේ තෙල් මිල වැඩි වුනහම ආර්ථිකය හැකිලෙනවා , ඇමරිකාව වැනි රටවල් නිතරම බලන්නේ යුධ කරලා හරි තෙල් තිබෙන රටවල පාලනය අල්ලාගෙන ඇමරිකාව තුල තෙල් මිල අඩුකර රටේ ආර්ථිකය වර්ධනය කරගන්න , මෙහෙ ඉන්න හොර දේශපාලුවන් බලන්නේ කොහොම හරි තම මල්ල පුරවගන්න මිසක් රටේ ආර්ථිකය ගැන නොවේ ,පක්ෂ මාරු කලත් උන්ට චන්දෙ දෙන්න හරක් සෙට් එකක් ඉන්න බව උන් දන්නවා
තියෙන බදු මරාලෙ මදිවට ඉන්ධනවලටත් වැට්බදු ගහපියව්. එතකොට ජනතාවට සැපට සැපයි.
ඇයි ඇමති කිව්වේ දැන් ලාබයි කියලා... තව 40කින් වැඩි වෙනවා දවස් දෙකකින්... එතකොට බලාගන්න පුළුවන් වෙන දේ... මේ ගොං හැතිකරේට තේරෙන්නේ නැහැ.. ඉන්ධන මිල වැඩිවෙනවා කියන්නේ ආර්ථිකය හැකිලෙනවා කියන එක බව... මේ අය ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියෙන්නේ දෙවුන්දර වැල්ලේ.. ඒකයි.