
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙස්ලා සමාගමේ කර්මාන්ත ශාලාවකදී රොබෝ ප්‍රහාරයකින් එහි ඉංජිනේරුවකුට තුවාල ලබා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
රොබෝ යන්ත්‍රයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම පහරදීම සිදුව ඇතැයි ද එම වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
ඇලුමිනියම් මෝටර් රථ අමතර කොටස් එහා මෙහා කිරීමට නිර්මාණය කර ඇති රොබෝ අතක් ඉංජිනේරුවකුට පහර දෙන අයුරු දැක එම කාර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනකු බියට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.
යාන්ත්‍රික දෝෂය ඇති වූ රොබෝ යන්ත්‍රය අසල සිටගෙන තවත් රොබෝ යන්ත්‍ර දෙකක් සඳහා මෘදුකාංග ඇතුලත් කරමින් සිටියදී එම රොබෝ යන්ත්‍රයේ අඬු වලින් ඉංජිනේරුවා අල්ලාගෙන පහර දී ඇත.
පහර දීමෙන් ඉංජිනේරුවාගේ අතකට තුවාල සිදුව ඇති නමුත් ඊලෝන් මසක් එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd