(අංජුල මහික වීරරත්න)

යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

පසුගිය කොවිඩ් වසංගතය කාලසීමාවේ මුව ආවරණ පැළැදීමෙන් ස්වසන රෝග රාශියකින් ආරක්ෂා විය හැකි බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා  එම කාලයේ ස්වසන රෝග අවම මට්ටමක පැවැති බව ද කීය. එබැවින් නැවත මුව ආවරණ පැළදීමේ වරදක් නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ පැතිර ගිය උණ රෝගය හේතුවෙන් කොවිඩි නව ප්‍රභේදයක් ලංකාවට ඇතළු වීමේ තර්ජනය  පිළිබදව කථා බහක් ඇති වූ බව කී අමාත්‍යවරයා ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන්නේ යැයි කීය.

එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත  යුතු බව කී අමාත්‍යවරයා  පසුගිය කාලය පුරා ඉතා හොද එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බැවින් රටේ ප්‍රතිශක්තිකරණය දියුණු  ඇති වී ඇති බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.