වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා මුදල් නිකුත් කරයි 2023 දෙසැම්බර් 15 දක්වා වන සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි . 29 December 2023
උද්ධමනය යළි ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශයකට අනුව කොළඹ නගරාසන්න ප්‍රදේශ වල දෙසැම්බර් මස උද්ධමනය සියයට 4 දක්වා වැඩි වී ඇත.නොවැම්බර් මාසයේදී කොළඹ නගරාසන්න ප්‍රදේශ වල උද්ධමනය සියයට 3.4 ක් විය. 29 December 2023
බදු නොගෙවුවොත් සමාවක් නෑ කිසිම සමාගමකට 2024 වසරේ සිට බදු නොගෙවා ඉන්නට අවස්ථාවක් දෙන්නේ නැතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය අාශු මාරසිංහ මහතා පැවසීය. 29 December 2023
උසස් පෙළ උපකාර පන්ති අද මැදියම් රැයේ සිට තහනම් මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම අද(29)මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ. 29 December 2023
කහවත්තේ මවගේ ඝාතකයා මාට්ටු:දියණිය නිදහස් කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය. 29 December 2023
ජල බිල්පත් ගෙවීම සියයට 15කින් පහළට ජල බිල්පත් ගෙවීම සියයට පහළොවකින් පමණ පහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා ප්‍රකාශ කළේය. 29 December 2023
සිවිල් ඉංජිනේරුවකු අතුරුදහන් සිවිල් ඉංජිනේරුවරයකු පැද වූ කැබ් රථයක් අඟුරුවාතොට නාර්තුපාන පාලම අසල තිබී සොයාගත් අඟුරුවාතොට පොලිසිය පවසයි. 29 December 2023
චෙක්පත් වංචා මඩින්න නව නීතියක් චෙක්පත් වංචා වැළැක්වීම සදහා විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනය කිරීමට පත්කළ කමිටුවේ කමිටු වාර්ථාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට අද බාර දුන්නේය. 29 December 2023
උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් වැටේ උඩරට දුම්රිය මාර්ගයට බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර 161 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී අද 29 දහවල් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට නැවතත් බාධා එල්ල වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසීය. 29 December 2023
ලෝක ජනගහනය ඉහළට මෙම වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සංගණන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ලබන ජනවාරි මස පළමු වැනිදා වන විට බිලියන 8කට වඩා වැඩි ජනතාවක් ලෝකයේ ජීවත් වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 29 December 2023
ශ්‍රීලංකාව-තායිලන්තය නිදහස් වෙළදගිවිසුම අත්සන් කරන්න යයි නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. 29 December 2023
කොස්තාපල්වරියට වාචිකව ලිංගික හිරිහැර කළැයි හතරක් අල්ලයි කළුතර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළි භූමියකදී ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට වාචික ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 29 December 2023
ගේය පද රචනා සංගමයේ මුලසුන් පත් වෙති ! ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. 29 December 2023
රජරට වැව් වාන් උතුරයි:පොලොන්නරුව යටවේ උතුරු මැද පළාතට අඛණ්ඩව ඇඳ හැළෙන වාර්ෂාව හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් වර්ෂාව අඛණ්ඩව පැවතුණ හොත් තවත් මාර්ග යටවීමේ අවදානමක් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2023
දඹුල්ලේ මිරිස් කරලක් රුපියල් 15යි දඹුල්ල නගරයේ අමුමිරිස් කරලක් රුපියල් 15 ක මුදලකට අද දින අලෙවි වූ බව පාරිභෝගිකයෝ පවසති . 29 December 2023
කොළඹ ආනාරක්ෂිත තවත් ගස් 200 ක් කපන්න නිර්දේශ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් යැයි කොළඹ නගරයේ ඇති හඳුනාගත් අනාරක්ෂිත ගස් 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 December 2023
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ රියට ප්‍රහාරයක් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි. 29 December 2023
කලා වැවේ වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි කලාවැව හදිසි වාන් දොරටු අද(29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබේ. මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86357ක්ව තිබේ. 29 December 2023
හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළු 500 ක් මියයති හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල හමුදා සෙබළුන් ගණන 500 තෙක් ඉහළ ගොස් ඇතැයි ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 29 December 2023
යුද්ධය මැද සිවු නිවුන් දරු උපතක් ඊශ්‍රායල ප්‍රහාර මැද, පණ බේරා ගෙන, ගාසා තීරයේ දකුණු දෙසට පලා ගිය ගැබිනියක සිවු නිවුන් දරුවන් බිහි කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 29 December 2023
නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙයි යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවකට වැසි ජලය කාන්දු වීම නිසා නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට හොඳ බීජ අර්තාපල් තොගයක් නොමිලයේ ම ලබා දීමට අදාල සමාගම එකඟත්වය පළ කළ බව කෘෂි නව්‍යකරණ අංශයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්හ. 29 December 2023
වැට් නිසා පවුලකට 40000ක් වැයවන කතාව බොරු වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. 29 December 2023
පොඩි මැණිකේ පිලීපනී උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා හාලිඇල දූම්රිය ස්ථානය අතරදී දුම්රියක් අද (29) පිලිපැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 29 December 2023
පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවට එප්පාවල නගරයේ නවාතැන්පොළක 13 හැවිරිදි පිරිමි දරැවන් දෙදෙනෙකු සමග සැක කටයුතු ලෙසට නවාතැන් ගෙන සිටි 51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 29 December 2023
රජයේ පොහොර සමාගම් දෙක ශුද්ධ ලාභ ලබයි රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 29 December 2023
කුඩු ගංජා සොයද්දී වාහන අංක තහඩුත් හමුවෙයි දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේ ව්යාපාරිකයින්කිහිප දෙනෙකුට අයත් බව කියන හෝටලයක කාමරය සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි 29 December 2023
නිධන් ගන්න ගිය කළමනාකරණ සේවා නිලධාරියා ඇතුළු තුනක් මාට්ටු තිස්සමහාරාම ජූල්පල්ලම ,සිවුජනගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කැණීම් උපකරණ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . 29 December 2023
තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. 29 December 2023
ගින්නකින් ඇල්පිටියේ වෙළඳසැලක් විනාශයි ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 29 December 2023
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 December 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026