
(පද්මසිරි ගාර්දියවසම් )
තිස්සමහාරාම ජූල්පල්ලම ,සිවුජනගම ප්රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කැණීම් උපකරණ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
සැකකරුවන් අතර කතරගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිළධාරියෙකුද සිටින අතර නිධන් හෑරූ ඉඩමේ හිමිකරු ඔහු බව පොලිසිය කියයි .
මෙම සැකකරු තංගල්ල නාකුලුගමුවේ පදිංචි කරුවෙකි . අනෙක් සැකකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු හෝමාගම ප්රදේශයේ පදිංචි විශ්රාමික යුද හමුදා නිළධාරියෙකු වන අතර අනෙක් සැකකරු මැදවල කැන්දහින්න ප්රදේශයේ පදිංචි පෙදරේරුවෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහල පහල මිනිස්සු ක්රියාත්මක වෙන ආකාරයට තමයි සතුන් වුනත් හැඩගැහෙන්නේ... උදාහරණයක් හැටියට ගිරව් දෙන්නාගේ කතාව පෙන්නන්න පුළුවන්... ඉතින් ඔය ප්රදේශයේ ලොක්කෝ කරන දේවල් පොඩ්ඩෝ නොකර සිටීවිද? මෙම පිරිස වරදක් කර නැහැ... ඔවුන් කරලා තියෙන්නේ ප්රදේශයේ නායකයෝ අනුගමනය කිරීම පමණයි. සමහර විට ඔහොම දේවල් නොකළොත් ඒ පැත්තේ පිළිගැනීමක් නැතුව ඇති....
මතක තියාගන්න... මහින්ද මහත්තයාගේ බලාපොරොත්තුව පරිදි පොහොට්ටුවේ ආණ්ඩුවක් ආවොත් ඔය නිලධාරියා එක්කෝ ප්රාදේශීය ලේකම් කෙනෙක් වෙනවාමයි. නැතිනම් ජනාධිපති උපදේශක කෙනෙක් වෙනවා තමයි.