(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

කළුතර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති  සැණකෙළි භූමියකදී ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට වාචික ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

කොස්තාපල්වරිය  සැණකෙළි   භූමියේ පොලිස් නිල ඇඳුමෙන් රාජකාරී කරමින් සිටියදී සැකකරුවන් එලෙස වාචික ලිංගික අතවර කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

සැකකරුවන්ගේ වාචික ලිංගික අතවරය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කරන ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ රාජකාරිය යෙදී සිටි සෙසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්  ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් වාද්දුව මොල්ලිගොඩ , වස්කඩුව කුඩා වස්කඩුව , වාත්තුව මොල්ලිගොඩ හා වාද්දුව පොහොද්දරමුල්ල  පදිංචි  වයස අවුරුදු 26 හා 30 අතර පසුවන්නන්ය