(අංජුල මහික වීරරත්න)
රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාබ උපයා ඇත.
රජයේ පොහොර සමාගම් දෙක විසින් උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මුලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර විකුණන්නේ ගොවියන්ට. ලාබෙ ලැබිලා තියෙන්නේ ගොවියන් පොහොරවලට ගෙවපු සල්ලිවලින්... ඉතින් කොහොමද ගොවියෝ ලාබ ගන්නේ...?
ආණ්ඩුව සූදු කෙළිනවා. ගොවියා අසරණයි. ඔය ලාබෙන් වැඩක්තියෙනවාද? කෝ රටේ ගොවිතැන...? එළවළු ටිකත් දැන් පිටරටින් ගේනවා. අතීතයේ මෙහෙම දේ වුණාද? ලාබ ගන්නේ කුඩු විකුණලා වෙන්නැති...
ඇමති කියන විදියට දැන් ලාබ නම්, කොහොමද රජයේ විගණකාධිපතිවරයාගේ විමර්ශනයට භාජනය වුණා නම් සහ කෝප් කමිටුවට කැඳවූවා නම්, පාඩු වෙන්නේ? මෙහෙම තමයි අනිකුත් ආයතනවල්...!