(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
රාත්‍රී අටට පමණ එම වෙළඳසැල් හිමිකාරිණිය සහ ඇගේ සොහොයුරිය බිම් මහළේ පිහිටි වෙළඳසැල වසා උඩු මහළේ තිබෙන නිවෙසට ගොස් ඇති අතර පසුව වෙළඳසැල ගිනිගෙන ඇති අයුරු දැක තිබේ.

ඔවුන්ගේ කෑගැසීම ඇසී පැමිණි අවට ප්‍රදේශවාසීන් සහ ඔවුන්ගේ දැනුම්දීම මත පැමිණි පොලිසිය විශාල  උත්සාහයක් දරා එය නිවා දමා ඇතත් ඒ වනවිට මුළු වෙළඳසැලම ගින්නෙන් විනාශවී ඇති බවද පොලිසිය කියයි.
මෙම ගින්න කෙසේ ඇතිවූවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.