(යොහාන් භාසුර)
ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කොළඹ නගරයේ ඇති හඳුනාගත් අනාරක්ෂිත ගස් 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් කළ පර්යේෂණවලදී මෙම ගස් 200 කට අධික සංඛ්‍යාවේ අතු කපා අනාරක්‍ෂිත බව අවම කරන ලෙස දැනුම් දී ඇති බවත් ඉන් පසුව එම ගස් නියමිත ක්‍රියාපටිපාටිය අනුව කපා ඉවත්කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.
කොල්ලුපිටිය හංදියේ මාර්ගයේ තිබූ විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටීමන් පුද්ගලයන් පස්දෙනෙක් මරණයට පත්වීමෙන් පසුව කොළඹ මහ නගර සභාව කොළඹ නගර සීමාවේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් 30 ක් පමණ කපා ඉවත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපලා ලී ටිකත් අඳුරන මුදලාලි කෙනෙක්ට විකුණා ගන්න එකේ.., අඩුම ගානේ ඔතැන පොඩි පැලයක්වත් ඒ වෙනුවට හිටවන්න හිලව් වෙන්න...
ආනාරක්‍ෂිත ගස් කපන්න නිර්දේශ කළාට, ආරක්‍ෂිතව ගස් වවන්න නිර්දේශ ලබාදීමට අපොහොසත්...!
වේලි වේලි හිටපු කට්ටියට යාන්තම් මල්ල කරේ නේද?