
ඊශ්‍රායල ප්‍රහාර මැද, පණ බේරා ගෙන, ගාසා තීරයේ දකුණු දෙසට පලා ගිය ගැබිනියක සිවු නිවුන් දරුවන් බිහි කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
28 හැවිරිදි ඉස්මාන් අල් මස්රේ නමැති මෙම කාන්තාව ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිකාරියකි. ඊශ්‍රායල හමුදා ගුවනින් පහර දෙද්දී, ඇය සැමියා ද සමඟ දකුණු ගාසා තීරයට පලා ගියාය.
ඉස්මාන් දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනකු බිහි කළේ ඊයේ (28) ය.
දකුණු දිග ගාසා තීරයේ රෝහල් පහසුකම් කිසිවක් නොමැති අතර, ඉස්මාන්ගේ දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ, අවම පහසුකම් යටතේ, පාසල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd