අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වයිරස වසංගතය දිනෙන් දින ඔඩුදුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේවනවිට කොංගෝවෙන් ඉබෝලා මරණ 223 ක් වාර්තා වී ඇති බවය. ඉබෝලා ආසාදියන් ගණන 906 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

කොංගෝවේ අසල්වැසියා වන උගන්ඩාවෙන් ද ඉබෝලා ආසාදිතයන් 9 දෙනකු හඳුනාගෙන ඇති අතරමේ වනවිට එයින් එක් අයකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. කොංගෝ උගන්ඩා දේශසීමාව ද මේ වනවිට වසා දමා ඇත. ඒ, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්ය.