
(අංජුල මහික වීරරත්න)
කිසිම සමාගමකට 2024 වසරේ සිට බදු නොගෙවා ඉන්නට අවස්ථාවක් දෙන්නේ නැතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය අාශු මාරසිංහ මහතා පැවසීය.
2024 ජනවාරි සිට බදු විමර්ශන අරඹන බව කී මාරසිංහ මහතා බදු නොගෙවන සමාගම් බදු දැලට හසු කරගන්නට පියවර ගන්නා බව පැවසීය.
බදු නොගෙවන අය කවුදැයි අනාවරණය කරගැනීමේ ක්‍රමවේදයක් සකසන බවද මාරසිංහ මහතා සඳහන් කළේය.
පසුගිය මාස හතරේ රාජ්‍ය ආදායම එකතු කිරීම නිවැරදිව සිදුකර තිබෙන්නේ යැයිද ජනාධිපති කාර්යාලයේ ද රාජ්‍ය ආදායම එකතු කිරීම විමර්ශනය කරන ඒකකයක් පිහිටුවා ඇතැයි ද මාරසිංහ මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු එකතු කරන්න බල්ලොත් ගන්නවාද?
අප්පට සිරි... කොල්ල වගේ දැන් නේ...!
බදු හොරු අල්ලනවාට මමත් කැමැතියි... නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ලොකුම බදුහොරු ඉන්නේ පොහොට්ටුවේ සහ රනිල් ළඟ... ඔය කිව්වට ඔය වැඩේ වෙන්නේ නැහැ...!
ඡන්දෙ පැරදිලා මෙයා බදු එකතු කරනවද?
මිනිස්සු අමාරුවෙන් උපයලා ගන්න සුළු මුදලින් මොවුන් බදු අයකරලා මහා පරිමාණ හොරු රකිනවා. ගෙවන බදු මුදලට නැවත තමන්ට ප්‍රතිලාභයක් ලැබෙනවා නම් මිනිස්සු බදු පැහැර අරින්නේ නැහැ. අපේ රටේ මහ අයට හොරාකන්න පොඩි මිනිස්සු බදු ගෙවනවා. මහ අය කවුරුවත් බදු ගෙවන්නේ නැහැ.
මම යෝජනා කරනවා බලු පැටවුන්ටත් බද්දක් ගහන්න ඕනෑ කියලා. නැතිනම් ඒ අහිංසක සත්තු අපයෝජනය වන්නට තියෙන ඉඩකඩ වැඩියි. මේ වගේ අයගෙන් උපදෙස් ගන්න අර දුර්වල මනුස්සයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන් නේද?
මුන් හිතන් ඉන්නේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා... මහබැංකුව කොල්ල කාලා ඒ මහා ධනය ඇලෝසියස්ලාට දීලා අදත් එයා බදු නොගෙවා ඉන්නේ... මෙයා මේ මොනවාද කියන්නේ කියලා මෙයා දන්නේ නැහැ...
එතකොට කළින් නොගෙවපු බදු...!
ජනතා කැමැත්තකින් තොරව පාර්ලිමේන්තුවේ ඡන්දයකින් බලය ලබාගත් පාලකයින් රට ගෙනියන්න හදන්නේ සාමාන්‍ය ජනතාවට බදු ගැසීමෙන් විතරද? රජයට බදු නොගෙවන තෝරු මෝරු අල්ලන්න හයියක් නැද්ද? බදුවලින් ජනතාව හෙම්බත්වී ඇත. රජයට ආදායම් ඉපයිය හැකි වෙනත් ක්‍රම ගැන හිතා බලන්න තරම් මොවුන්ට මොලයක් නැද්ද?
රනිල් සහ රාජපක්ෂලා ළඟ ඉන්න මහා බදු හොරුන්ගෙන් බදු අයකළා නම් ආණ්ඩුවට බදු වැඩිනොකරම ආදායම වැඩිකරගන්න තිබුණා. එහෙම නොකරන්නේ ඇයි? අනික ලැබෙන බදු ආදායමත් ආණඩුව වියදම්කරන්නේ අරපරෙස්සමකින් තොරවයි. මැති ඇමැතිවරුන්ටත් පළාත් සභාවලටත් නිරපරාදේ මුදල් වියදම් කරනවා. යහපත් මූල්‍ය කලමනාකරණයක් නැති ආණ්ඩුවකට බදු මුදල් ගෙවන්න ජනතාව කැමැති නෑ...!
බල්ලෝ මතක් කරන්න එපා. තව බද්දක් ගහයි අපිට...!
විකාර තමයි...
එතකොට ඒ ගෙවපු බදු හොරකම් කළාට සමාව දෙනවද?
බදු ගෙව්වත්, නැතත් ඔබ අර කෙරුවා වගේ ජනතාවට ආණ්ඩුව අහවල් එකේ ඇරපු එකේ ඇරපු එක තමයි හැමදාම කරන්නේ...!